ඩොලර් ඒකකට ලෝකය වටෙන් මිලදී ගන්නට පුළුවන් දේවල්!

ලොව අනෙකුත් රටවල් වල මුදල් ඒකක වලට වඩා ඇමරිකානු ඩොලරයේ වටිනාකම ඉතාමත්ම වැඩියි. උදාහරණයක් විදියට ඇමරිකානු ඩොලරයක් මිලදී ගැනීමට අපිට ලංකා රුපියල් 153ක් පමණ අවශ්‍ය වෙනවා. ඉතින් ලංකාව තුල නම් අපිට ඩොලර් එකකින් එක් වේලක් වුනත් පිරිමසා ගන්නට පුළුවන්. නමුත් ලොව අනෙකුත් රටවල් වලින් ඩොලර් එකක් වැනි මුදලකට ඔබට මිලදී ගන්නට පුළුවන් මොනවාද ? අද වීඩියෝ එකෙන් අපි ඒ ගැන කතා කරමු.

1. හංගේරියාව

<a href=”https://publishers.propellerads.com/#/pub/auth/signUp?refId=TQ0E”><img src=”http://promo.propellerads.com/300x250_04.gif” alt=”PropellerAds”></a>

හංගේරියාව යනු අඩු මුදලකින් සංචාරය කරන්නට පුළුවන් රටවල් අතරින් එකක්. ඩොලර් 14ක් වැනි මුදලකට ඔබට හෝටල් කාමරයක් මිලදී ගන්නට පුළුවන්. ඒවගේම ඩොලර් 0.60ක් වැනි මුදලකට පිරිසිඳු පානීය ජල බෝතලයක් මිලදී ගැනීමට හැකියාව තිබෙනවා. එපමණක් නොවෙයි, ඩොලර් එකක් වැනි මුදලකට වයින් බෝතලයක්ම වුනත් මිලදීගත හැකියි. හංගේරියාව තුල භාවිතා වන්නේ Forint ලෙස හඳුන්වන මුදල් ඒකකයක්. අද පවතින තත්වය අනුව ඩොලර් එකක් ෆොරින්ට් 250ක් පමණ වෙනවා. ඉතින් ඔබට හංගේරියාවේ වෙළඳපොළk තුලින් ඩොලර් එකක් වැනි මුදලකට ඕනෑම ඇල්කොහොල් වර්ගයක් මිලදී ගන්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් ඩොලර් 0.65ක් වැනි මුදලකට බියර් ලීටර් බාගයක් මිලදීගත හැකියි. ඊට අමතරව ඩොලර් එකක් වැනි මුදලකට පලතුරු කිලෝ එකක මල්ලක් සහ පේස්ට්‍රි එකක් සමග කෝපි එකක් වුනත් ලබාගැනීමට හැකියාව තිබෙනවා.

2. පිලිපීනය

පිලිපීනය ගොඩක්ම ජනප්‍රිය ස්කුබා ඩයිවින් සහ ගිනිකඳු තරණය වැනි ක්‍රියාකාරකම් වලටයි. එම ක්‍රියාකාරකම් වල නිරතවීමට සැලකියයුතු මුදලක් වැය කිරීමට සිදුවුනත්, ඩොලර් එකක් වැනි මුදලකට පිලිපීනය තුල මිලදී ගැනීමට ඕනෑතරම් දේවල් තිබෙනවා. ඩොලර් එකක් පිලිපීන පේසෝ 49ක් තරම් වටිනාකමකින් යුක්තයි. ඔබ පිලිපීනයේ සෙබු වලට සංචාරය කලොත්, ඩොලර් ඒකකට පැය භාගයක දෙපතුල් සම්භාහනයක් ලබාගන්නට පුළුවන්. සෙබු දුපත යනු පිලිපීනයේ වැඩිම ජන ඝනත්වයක් ඇති දූපතයි. වසරකට සංචාරකයින් මිලියන 2ක් පමණ එහි පැමිණෙනවා. චිත්‍රපටියක් නැරඹීම බැදපු මාළු ගොට්ටක්, ලීටර් 4ක වතුර බෝතලයක් සහ සහ සහල් කිලෝ එක හමාරක්ම වුනත්, ඩොලර් එකක් වැනි මුදලකට ඔබට ලබාගැනීමට හැකියාව තිබෙනවා.

. වියට්නාමය

වියට්නාමයෙන් නම් ඩොලර් එකක් මුදලකට ඔබට බොහෝ දේවල් මිලදී ගන්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් ඔබට DVD එකක්, ආහාර වේලක්, අලංකාරවත් තොප්පියක්, සෙරප්පු ජෝඩු තුනක් සහ ක්ෂණික නූඩ්ල්ස් පැකට් 5ක් ඩොලර් එකක් වැනි මුදලකට මුලදී මිලදීගත හැකියි. ඒවගේම ඉතාමත්ම අඩු මුදලකින් වියට්නාමයේ ලස්සනම ස්ථානයන් වලට ඔබට සංචාරය කරන්නට පුළුවන්. Ha Long Bay යනු වියට්නාමයේ ඉහලම සංචාරක ආකර්ෂණයක් දිනාගත් ස්ථානයක්. එහි සුන්දරත්වය ඔබ මවිතයට පත්කරනවාට කිසිම සැකයක් නැහැ.

4. චියැන්ග් මයි, තායිලන්තය

චියැන්ග් මයි යනු උතුරු තායිලන්තයේ පිහිටි කඳුකර නගරයක්. එහි සංචාරය කල පුද්ගලයින් පවසන්නේ ඩොලර් එකක් වැනි මුදලකට, දවල් ආහාරය තමන් සිටින ස්ථානයටම ගෙන්වාගත හැකි බවයි. ඒවගේම කිසිම වීදි ආහාරයක් ඩොලර් ඒකකට වඩා වැඩිවන්නේ නැහැ. ඔබ ලොවපුරා සංචාරය කරන කෙනෙක් නම්, මිල අධිකම වන්නේ ආහාර බව ඔබ දන්නවා ඇති. නමුත් තායිලන්තයේ චියැන්ග් මයි වලට සංචාරය කරොත් ඩොලර් එකක් වැනි මුදලකට බඩපැලෙනකන් කන්න පුළුවන්. ආහාර වල මිල ගණන් එතරම් අඩු නම් ඔබට ඒ අවට වූ සංචාරක ස්ථානයන් වෙත අඩු මුදලකින් සංචාරය කිරීමට හැකියාව තිබෙනවා.

5. එංගලන්තය

එංගලන්තය යනු ඉහල සංචාරක ආකර්ෂණයක් දිනාගත් රටක් බව අමුතුවෙන් පැවසිය යුතු නැහැ. නමුත් ඔබ එහි සංචාරය කරනවානම් අමතරව වැඩි මුදලක් රැගෙන යාමට අමතක කරන්නට එපා. මොකද එහි සෑම දෙයක්ම මිලෙන් අධිකයි. උදාහරණයක් විදියට කිව්වොත් ඩොලර් එකකින් පාන් ගෙඩියක් හෝ කෝපි කෝප්පයක්වත් මිලදී ගන්නට බැහැ. එම නිසා අනිත් දේවල් ගැන කතාකර යුතු නැහැ. ඩොලර් එකකට ඔබට එංගලන්තයෙන් මිලදීගැනීමට හැකියාව තිබෙන්නේ කිරි ලීටර් කාලක්, ඉන්ධන ලීටර් භාගයක්, සිගරට් දෙකක්, ඇපල් ගෙඩි තුනක් හෝ කොකා කොලා ටින් එකක් වැනි දේවල් කිහිපයක් පමණයි.

6. දකුණු ඉන්දියාව

ලංකාව වගේම තමයි, ඉන්දියාව තුලිනුත් ඩොලර් එකක් වැනි මුදලකට ඔබට ඕනෑතරම් දේවල් මිලදී ගන්නට පුළුවන්. උදාහරණයක් විදියට ඩොලර් එකක් වැනි මුදලකට කෙසෙල් කොලයක තැබූ බත්, සාම්බාරු, රසම්, කිරි, අතුරුපස මේ සියල්ලම ලබාගත හැකියි. ඒවගේම සුදු පාන් ගෙඩියක් ඩොලර් 0.40කට වඩා වැඩි නැහැ. ඩොලර් එකක් වැනි මුදලකට ඉටර්නෙට් කැෆේ ඒකකට ගොඩවී පැයක් අන්තර්ජාලය භාවිත කරන්නටද පුළුවන්. එපමණක් නොවෙයි, ලොකු කෙසෙල් ගෙඩි 5ක්ම ඩොලර් 1යි. දකුණු ඉන්දියාව තුල නැරඹීමට වටිනා අලංකාරවත් සිත්ඇදගන්නා ස්ථාන විශාල ප්‍රමාණයක් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.