දුම්පානය කරන අයගේ පෙනහළු පිරිසිදු කර දෙන විශ්මිත බෙහෙත් වට්ටෝරුවක් !

ලොව පුරා ජිවත් වන දුම් පානය කරන පුද්ගලයන්ගෙන් බහුතරයක් දුම් පානය සදහා ඇබ්බැහි වී තිබෙන්නේ වයස අවුරුදු 13-19ත් කියන අවධියේදී.

ඉන්පසුව ඔවුන් වැඩිහිටියන් බවට පත් වූ පසු නිදහසේ මෙම ක්‍රියාව බොහෝ විට මිය යන තුරුම සිදු කරනවා.

මේ අතරින් සමහරක් ජිවිතයේ වරින් වර දුම් පානය නතර කරන නමුත් නැවත එයට නැඹුරු වීම සිදු වෙනවා.

එසේ සිදු වන්නේ දුම් පානය යනු අත්හැරීමට අපහසු ඝනයේ දරුණු ඇබ්බැහිවීමක් ඇති කරවන දෙයක් වීම නිසයි.

මිනිසුන් විවිධ හේතුන් නිසා දුම් පානය කරන අතර සෑම විටම එය අත් හැරීමට නොහැකි පුරුද්දක් බවට පත් වී තිබීම දැකගත හැකියි.

දුම්පානය සක්‍රිය හා අක්‍රිය වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකි අතර ඔබ ඍජුවම දුම් පානය නොකලත් දුම් පානය කරන්නන් වැඩි පුර ගැවසෙන නගරයක හෝ නිවසක ජීවිතය ගත කරයි නම් මෙම අවධානම ඔබටද දැරීමට සිදු වනු ඇත.

සක්‍රිය වේවා අක්‍රිය වේවා දුම් පානය කරන්නන් තම ශ්වසන පද්ධතියේ නිරෝගී බව ගැන නිරතුරුවම හොද අවධානයක් යොමු කල යුතුයි.

බ්රොන්කයිටිස් , ඇදුම රෝගය හා විවිධ වර්ගයේ කැස්ස , දුම් පානය නිසා ඇති වන සුලභ රෝග තත්වයන් ලෙස පෙන්වා දෙන්නට පුළුවන්. ඔබ අවුරුදු පහකට වඩා දුම්බීම කර තිබේ නම්, ඔබගේ පෙනහැලි අපිරිසිදු වී ඔබට මාරාන්තික රෝග ඇති වීමේ අවදානම වැඩිය.

ඔබට ඉහත අප සදහන් කල බ්රොන්කයිටිස් නමැති රෝගය ඇති වීමේ වැඩි ප්‍රවනතාවයක් ඇත. ඒ වගේම සුව නොවන අධික කැස්ස හා හුස්ම ගැනීමේ අපහසුතාද මෙම රෝගය නිසා ඇති වෙයි.

දුම් බිම මෙවැනි රෝග රැසකට මුල බව දැන දැනත් නොනවත්වා එය සිදු කිරීම ඉතාම අනතුරුදායක ක්‍රියාවකි. එබැවින් මෙම උවදුරෙන් බේරීමට නම් ඔබ කල යුත්තේ දුම් පානය කිරීමෙන් වහාම ඉවත් වීමයි. එහෙත් ඔබට එයින් මිදිය නොහැකි නම් ඔබ කල යුත්තේ අවම ලෙසවත් ඔබගේ සෟඛ්‍ය ආරක්ෂාව පිළිබද කාලීනව සැලකිලිමත් වීමයි.

ඒ සදහා අවශ්‍ය කරන වෛද්‍ය පරීක්ෂණ සිදු කර ශ්වසන පද්ධතියට හානි සිදු වී ඇතිද යන්න නිරතුරුවම පරික්ෂා කර ගැනීමයි.

කෙසේ වෙතත් අවුරුදු 5 කට වඩා වැඩි කාලයක් තිස්සේ දුම් පානය කරන්නන්ගේ පෙනහළු පිරිසිදු කර දෙන අපුරුබෙහෙත් වට්ටෝරුවක් පිලිබදව විදෙස් සෞඛ්‍ය වෙබ් අඩවියක සදහන් වී තිබෙනවා. අද විශ්ම ලෝකයෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ මෙම බෙහෙත් වට්ටෝරුව නිවසේදීම සකස් කර භාවිතා කරන ආකාරයයි.

මෙම වටිනා බෙහෙත් වට්ටෝරුව මගින් දුම් පානය නිසා ඇති වන හානිකර තත්වය මදකට ඔබට අඩු කර ගත හැකි බව මෙය සදහන් කර ඇති සෞඛ්‍ය වෙබ් අඩවිය වැඩි දුරටත් සදහන් කර තිබෙනවා. මේ සදහා 100% ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා ගන්නා නිසා කිසිදු බියකින් තොරව ඔබට මෙය උත්සාහ කර බලන්නත් පුළුවන්.

දුම් පානය නිසා අපිරිසිදු වූ පෙනහළු පිරිසිදු කිරීම සඳහා වට්ටෝරුව

සුදු ළූණු 400g

ජලය ලීටර් 1

දුඹුරු සීනි 400g

කහ තේ හැදි 2

පිරිසිදු කර ගත් කුඩා ප්‍රමාණයේ ඉගුරු කැබැල්ලක්

සකස් කිරීම

බදුනකට සීනි සහ ජලය එක කර රත් කරන්න. ඉන් පසු කුඩාවට කපා ගත් පිරිසිදු සුදුළූණු හා කුඩාවට ගාන ලද ඉඟුරු මූල එකතු කරන්න. හොදින් රත් වූ පසු කහ මේස හැඳි 2 එක් කර ගන්න. ඉන් පසු හොදින් නටවා මද ගින්නේ ටික වෙලාවක් තබන්න.

රත් වූ පසු එය ලිපෙන් බා ගෙන ජෝගුවකට දමා මදක් සිසිල් වූ පසු ශීතකරණයක් තුල බහා තබන්න. මෙය ඔබ ආහාර ගෙන පැය 2ක් පමණ පසු වූ විට මේස හැදී 1ක බැගින් දවසට දෙවරක් එනම් උදේ සහ සවසපාරිබෝජන්ය කරන්න.

ඔබ මෙම ප්‍රතිකාරය පරිභෝජනය ආරම්භ කිරීමට පෙර, ඔබේ වෛදයවරයා හෝ ඖෂධවේදීගෙන් විමසිය හැක. වාසනාවකට මෙන් පෙනහළු පිරිසිදු කරගැනීම සදහා මෙම බෙහෙත් වට්ටෝරුවවෙන් ඔබට හැකියාව ලැබේවි. මෙමගින් පිළිකාවද වලක්වා දෙනු ලබයි. මෙම බෙහෙත් වට්ටෝරුව භාවිතාකර පෙනහළු පිරිසිදුකර ගැනීමට ප‍්‍රමාද නොවන්න.

අවසාන වශයෙන් කිව යුත්තේ දුම්පානයෙන් ඔබේ පෙනහළු වලට වී ඇත හානිය මග හරවා ගැනීමට ගත හැකි හොදම පියවර නම් මෙම නරක පුරුද්ද සදහටම නතර කර දැමීමයි. එබැවින් ඒ පිළිබදවද ඔබේ අවධානය යොමු කරන්න කියා විශ්ම ලෝකය බොහොම ආදරයෙන් ඔබේ ඉල්ලා සිටිනවා.

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

Leave a Reply

Your email address will not be published.