පළමු පළ සුපිරි දස්කම් අතර සිටියදීත් නිදහස් කුසලානයෙන් මාලිංග ඉවතට – හේතු ලෙස හතරබීරි කතාවක්

නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ක්‍රීඩකයන් 20 දෙනකුගෙන් සමන්විත මූලික සංචිතයටද වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඇතුළත් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

මේ දිනවල පැවැත්වෙන පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී එන්.සී.සී. කණ්ඩායමට ක්‍රීඩා කරන මාලිංග, මේ දක්වා පැවැති තරග වලදී ලකුණු 85 කට කඩුලු 8 ක් දවාගෙන සිටියි.

එහිදී පොලිස් කණ්ඩායමට එරෙහිව ලකුණු 31 කට කඩුලු 3 ක්ද, බී.ආර්.සී කණ්ඩායමට එරෙහිව ලකුණු 24 කට කඩුලු 3 ක්ද, කළුතර කණ්ඩායමට එරෙහිව ලකුණු 30 කට කඩුලු 2 ක්ද දවාගැනීමට ඔහු සමත් විය.

කෙසේ වුවත් තේරීම් කමිටුවේ මතය වන්නේ නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට තෝරා ගැනීමට තරම් දක්ෂතාවක් ඔහු ප්‍රදර්ශනය කර නොමැති බවත්, ඒ සඳහා ඔහු තවත් දේශීය තරග කිහිපයකට ක්‍රීඩා කළ යුතු බවත්ය.

Leave a Reply

Your email address will not be published.