රටම කතා කළ ‘අම්පාර වඳ පෙති සිදුවීමේ‘ තවත් වීඩියෝවක් එළියට – ‘‘කඩේ හයක් හිටියා දැන් ඉන්නේ එක්කනෙයි ප්‍රශ්ණයක් නැත්නම් ඉතුරු අය කෝ‘‘

වඳ පෙති” සමග ආහාර ලබාදෙන බව කියූ සිදුවීමක් නිසා පසුගිය (26) දා අම්පාර නගරයේ ආපන ශාලාවක දැඩි නොසන්සුන්තාවයක් ඇතිවූ අතර

පසුව කිසියම් පිරිසක් නගරයේ වෙළඳසැල් කිහිපයකට හා මුස්ලිම් දේවස්ථානයකට ප්‍රහාර එල්ල කර තිබිණි.

මෙහිදී ගිනි තැබීමට ලක්වූ අදාළ හොටලයට පිරිසක් පැමිණ කොත්තු කෑමට ඉල්ලා ඇති අතර එසේ කෑමට ලබා දුන් හොඳි වල දම් පැහැයට හුරු කිසියම් පෙති වර්ගයක් තිබූ බව ඔවුන්ගේ චෝදනාව විය.

කෙසේ වෙතත් මෙම සිදුවීමේ වීඩියෝ පටයක් හා ඡායාරූප පළවීමත් සමග බොහෝ දෙනාගේ අවධානය මේ වෙත යොමුවිය.

එම අවස්ථාවේ තවත් වීඩියෝවක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් ඇත.එහිදී දැක්වෙන්නේ අදාළ නොසන්සුතාව ඇතිවීමට පෙර පොලීසිය එහි පැමිණ තිබෙන ආකාරයයි.

පසුව චෝදනා කරන පවසන්නේ හෝටලයේ සේවකයන් 6 දෙනෙකු සිටි බවත් මෙම සිදුවීමත් ඇතිවීමත් සමග පස්දෙනෙකු පළාගිය බවයි.පසුව එම ස්ථානයෙන් හමුවූ වඳ පෙති යැයි කියන පෙති වර්ගය පොලීසියට ලබාදෙන ආකාරයත් එම වීයෝවෙහි දැක්වෙයි.

Please follow and like us:
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *