රටේ තත්ත්වය නිසා අද ක්‍රිකට් තරගය ගැන තීරණයක්

රට තුළ ඉස්මතු වී ඇති ජාතිවාදී උණුසුම හේතුවෙන් ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර තවත් පැය කිහිපයකින් පැවැත්වීමට නියමිත නිදහස් කුසලාන පළමු කි‍්‍රකට් තරගයේ සඳහා ආරක්ෂක රැකවල් දැඩි කිරීමට කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා.

තරගයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළුව පොලිස් නිලධාරීන් දහසක් යොදවා සිටින බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ.

ඊට අමතරව පුද්ගලික ආරක්ෂක සේවා නිලධාරීන් තුන්සිය දෙනෙකු අද තරගයේ ආරක්ෂාවට යොදවා තිබෙනවා.

අද තරගයේ සියලූ ප‍්‍රවේශපත්‍ර ද මේ වන අලෙවි වී අවසන්ව ඇති අතර මෙම තරගය රාතී‍්‍ර 7.00 ට කොළඹ ආර්. පේ‍්‍රමදාය කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

පිවිසුම් දොරටු අසල තදබදය අවම කර ගැනීමට කල් වේලාව ඇතිව කී‍්‍රඩාංගණයට පැමිණෙන ලෙසයි ප‍්‍රවේශපත‍්‍ර මිලදී ගත් කී‍්‍රඩා ලෝලීන්ට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නැවත දැනුම් දෙන්නේ.

Please follow and like us:
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *