සතියක කාලය සඳහා රට තුල හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරිමට තීරණය කර තිබෙනවා

සතියක කාලය සඳහා රට තුල හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරිමට තීරණය කර තිබෙනවා.ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍ය එස්.බී. දිසානායක මේ පිළිබඳව මාධ්‍ය වෙත සඳහන් කළා.

මහනුවර ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය සම්බන්ධයෙන් සැළකිලිමත් වී ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.අදාළ නීතිය සතියක කාලයක් සඳහා ගැසට් කිරිමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

පූජනීය ස්ථාන, නිවාස සහ ව්‍යාපාරික ස්ථාන සමහරකට හානි සිදුකළ අම්පාර සහ දිගන ප්‍රදේශයන්හි මෑතකදී සිදුවූ සාමය කඩ කළ කලහකාරී සිද්ධීන් ශ්‍රී ලංකා රජය දැඩිව හා තරයේ හෙළා දකින බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද ඊයේ දිනයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දිගන සහ තෙල්දෙනිය ප්‍රදේශවල ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදුන් බවයි.
Please follow and like us:
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *