සුරා මතින් මත්වුණු සීයා අවුරුදු 3 පුංචි ලකීෂාට කළ අහස පොළොව නුහුලනා අපරාධය

කුලියාපිටිය පහළ බෝහිංගමුව ප්‍රදේශයේ සිටි වයස අවුරුදු 3යි මාස 8ක පමණ බිළිඳියකගේ සිරුරක් යාබද ඉඩමක පිහිටි වගා ළිඳක පාවෙමින් තිබියදී පියා විසින් අද (22)සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ලකීශා ලක්දුලී අලගියවන්න නැමති වයස අවුරුදු 3 මාස 8ක දැරියක්.

එම දැරියගේ සීයා විසින් මෙම අපරාධය සිදුකර ඇති බවටයි කුලියාපිටිය පොලිසිය සැක පලකරන්නේ.

සිද්ධිය වූ දින රාත්‍රියේ මෙම සැකකාර සීයා බීමතින් සිට ඇති අතර දැරිය නිදා සිටියදී හැද සිටි බව කියන කමිසය ළිදෙන් ගොඩගන්නාවිට නොතිබීම සම්බන්ධයෙන්ද කුලියාපිටිය පොලිසිය පුළුල් පරීක්‍ෂණ ආරම්භකළ බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර සිද්ධිය වාර්තාවීමත් සමඟ කුලියාපිටිය පොලිසිය විසින් අදාළ ස්ථානයට පොලිස් ආරක්‍ෂාව සලසා තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට දැරියගේ සීයා කුලියාපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඡායාරූප පහතින්..(ඡායාරූප ලබා ගැනිම හිරු ගොසිප් වෙබ් අඩවියෙන්)

Please follow and like us:
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *