11වසර පෙම්වතියගේ ගෙල කැපූ පෙම්වතා එතැනදීම සියදිවි නසාගනී (වීඩියෝ)

පන්නල – ජයගම ප්‍රදේශයේදී පෙම්වතෙකු සිය 16 හැවිරිදි පෙම්වතියගේ ගෙළ කපා ඝාතනය කර ඔහුද සියදිවි හානිකරගෙන තිබෙනවා.

මියගිය පෙම්වතිය 11වැනි වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක්.

ඇය සිය බාල සහෝදරිය සමග නිවසේ සිටින අතරතුර පස්වරුවේ පැමිණි තරුණයා මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළා.

මියගිය සිසුවිය පන්නල – ජයගම – වඩුමුණේගෙදර ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

20 හැවිරිදි වියේ බවට සැකකෙරෙන පෙම්වතාද එම ස්ථානයේදීම ගෙල කපාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

මේවන විට අනාවරණය කරගෙන ඇත්තේ ඔහු හලාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවටයි.

සිද්ධිය සම්න්ධයෙන් කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකළ අතර, පන්නල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Please follow and like us:
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *