12,000කට මරු කැඳවූ අභිරහස් ලන්ඩන් මීදුම

ලන්ඩන් වල ජීවත් වෙන අයට වැස්ස සහ මීදුම අලුත් දෙයක් නොවෙයි. විශේෂයෙන්ම ශීත කාලයේදී. නමුත් 1952 දෙසැම්බර් 5 වෙනිදා ලන්ඩන් නුවරට මිනීමරු මීදුමක් කඩාගෙන වැදුනා. සැතපුම් 30ක් පමණ විශාල ප්‍රදේශයක පැතිරුණු එම මීදුම එතරම් භයානක වුනේ, එහි ආම්ලික සල්ෆර් අනු අන්තර්ගතව තිබූ නිසාවෙනි. ඒ අවටින් දැනුනේ කුනුවුණු බිත්තර වලට සමාන දුගඳක්. එම මීදුම කෙතරම් ඝනව පැවතියාද යත්, ඇවිදින විට තමන්ගේ දෙපතුල්වත් පෙනුනේ නැහැ.

දවස් 5කින් පසුව එම මීදුම අතුරුදහන්ව ගියා. නමුත් ඒ වන විට මිනිස් ජීවිත 4,000ක් බිලිගෙන හමරයි. ඒවගේම 150,000ක් තරම් පිරිසකට ශ්වසන මාර්ගය ආශ්‍රිතව බරපතල රෝගී තත්වයන් ඇතිව තිබුනා. ඉදිරි මාස කිහිපය ඇතුලත තවත් 8,000කගේ ජීවිත නැතිවුනා. එම නිසා එම අද්භූත මීදුම විසින් බිලිගත් සමස්ත ජීවිත ප්‍රමාණය 12,000ක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

එම මීදුමේ බලපෑමට ලක්වුණේ මිනිසුන් පමණක් නොවෙයි. සත්වයින් දහස් ගණනකගේද ජීවිත නැතිවුනා. විශ්වාස කරන්න, 750 දෙනෙකුට මරු කැඳවමින් එම මිනීමරු මීදුම 1962 වර්ෂයේදී නැවතත් පැමිණියා.

බ්‍රිතාන්‍යය රජයනම් පවසා සිටියේ ගල් අඟුරු දහනය නිසා එම මීදුම මෙතරම් මාරාන්තික එකක් බවට පත්වෙන්නට ඇති බවයි. එය අනුමානයක් පමණක් වන අතර සැබෑම හේතුව කිසිවෙකු දැන සිටියේ නැහැ.

නමුත් 1952 වර්ෂයේදී ඇතිවූ එම මීදුම විද්‍යාගාරයක් තුල කෘතීමව අනුකරණය කිරීමට, චීනයේ,ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයින්ට හැකිවුනා. එම පර්යේෂණයන් වලදී හෙළිවුණේ මාරාන්තික ලන්ඩන් මීදුමේ වූ ප්‍රධානම සන්ඝටකය සල්ෆේට් බවයි. ඔවුන් පවසන පරිදි, සල්ෆේට් නිසා තමයි එම මීදුම විෂසහිත දුගඳහමන එකක් බවට පත්ව තිබුනේ.

ඒවගේම ගල් අඟුරු දහනයේ අතුරු ඵලයක් වන නයිට්‍රජන් ඩයොක්සයිඩ්ද එම මීදුම අතුල අන්තර්ගතව තිබු බව පැවසෙනවා. ඒවගේම සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆේට් බවට පරිවර්තනය වෙන ක්‍රියාවලියේදී ඇතිවුණු ඇසට නොපෙනෙන තරම් කුඩා ආම්ලික අණු වලාවක්ද එම මීදුම තුල අන්තර්ගතව තිබුනා. ඉතින් අන්න එම හේතුව නිසා තමයි ස්වභාවික මීදුම මිනීමරු මීදුමක් බවට පත්ව තිබුනේ.

ඉතින් ලන්ඩනයට බලපාපු එම මීදුම් තත්වය මුළු ලෝකයටම බලපවත්වන ලෙස ක්‍රියාත්මක වුනා නම්, මිනිස් ජනගහනයෙන් හරි අඩක්වත් මරණයට පත්වෙන්නට ඉඩ තිබුනා.

විශේෂඥයින් පවසන පරිදි ඉදිරි වසර කිහිපය ඇතුලත, මෙවැනි විනාශයකින් මිනිස් ජනගහනය පෘතුවියෙන් සම්පූර්ණයෙන්ම වඳවී යාමට 500කින් 1ක් වැනි සම්භාවිතාවයක් තිබෙනවා.

නමුත් එවැන්නක් කවදාවත් සිදුනොවේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.

Please follow and like us:
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *