උපන් ගමේ උසාවියෙන්ම බුද්ධි බළකායේ මේජර් රාජමන්ත්‍රිට විනිසුරු ඉලංචේලියන්ගෙන් මරණ දඬුවම ලැබුණු හැටි

ඒ 1992… හරියටම කිව්වොත් දිනය අගෝස්තු අටවැනිදායි……ෆයිනල් කවුන්ට් ඩවුන් මෙහෙයුමට පැය 38ක් තිබියදී යාපනය කයිට්ස්හි අරාලි තුඩුවේදී පුපුරා ගිය පීඩන බෝම්බයත් සමඟ මෙරට යුද හමුදාව සලිත වී යන පුවතක් අසන්නට ලැබෙන්නේය.ඒ යුද හමුදාවේ සිටි විශිෂ්ට සෙන්පතියකු වූ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා ඇතුළු රණවිරුවන්ගේ මරණයයි. එම සිදුවීමෙන් යුද හමුදාව පමණක් නොව රටට ආදරය කළ දේශප්‍රේමී ජනතාවගේද ඇසට කඳුළක් උපන්නේය.

අත දරුවාගේ සිට මහල්ලා දක්වා මේ රටේ මිනිසුන් බල්ලන් බළලුන් සේ තැන තැන මරා දමමින් මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කළ ජන ඝාතකයකුගේ කතාවට තිතක් තැබීමට සිටි සෙන්පතියකු අහිමි වී යෑම නිසාවෙන් හටගත් ශෝකයටත් වඩා සිය ජීවිතයේ වැඩිමනත් මාතෘභූමිය හා ජනතාව වෙනුවෙන් උතුරේ ක්‍රියාන්විතවලට ඔහු කළ කැප කිරීම නිසාවෙන් හටගත් ශෝකයෙන් ජනතාව වෙළී ගියහ.

ජාතියක් ලෙස ලාංකිකයන් කොබ්බෑකඩුව සමඟ එදා උතුරේදී මියගිය රණවිරුවන්ගේ මරණය ස්මරණය කරමින් ශෝක වෙද්දී එකී ශෝකය දෙගුණ කළ පුවතක් නැඟෙනහිරින් අසන්නට ලැබෙන්නේය.

මේ 2018 වසරයි…….. හරියටම කිව්වොත් දිනය අගෝස්තු අටවැනිදායි……..යුද හමුදාව තුළ අතිශය වැදගත් කාර්යභාරයක් ඉටු කරන සන්නද්ධ හමුදා බුද්ධි බළකායේ සියලු රෙජිමේන්තු සසල කරමින් මේ පුවත සැල වන්නේය. පළමුවැනි සන්නද්ධ හමුදා බුද්ධි බළකායේ දෙවැනි අණ දෙන නිලධාරියා ලෙස මීට මාස හයකට පෙර කටයුතු කළ මේජර් ඩික්ෂන් රාජමන්ත්‍රිට 1998 වසරේ සිදුවූ සිදු වීමකට අදාළව මරණ දඬුවම හිමි වීම ඒ පුවතයි. සන්නද්ධ හමුදා බුද්ධි බළකා ඉතිහාසයේ සක්‍රිය සේවයේ යෙදී සිටියදී මරණ දඬුවම හිමි වන ඉහළම නිලධාරියා ලෙසට මේජර් රාජමන්ත්‍රි මේ අනුව බුද්ධි බළකා ඉතිහාසයට එක් වන්නේය. ඒ තමන් අත්අඩංගුවේ සිටි කොටි සැකකරුවකුගේ මරණය සම්බන්ධයෙනි.

ත්‍රිකුණාමලය-අනුරාධපුර මංසන්ධිය ආසන්නයේ නිවෙසක ජීවත් වෙමින් තිස්ස මහ විදුහලේ මූලික අධ්‍යාපනය හදාරන මේජර් රාජමන්ත්‍රි තිස්ස විදුහලටත් ත්‍රිකුණාමලයටත් ආයුබෝවන් කියා පවුලේ සියල්ලන්ම සමඟ පිට වන්නේ 1987 වසරේදීය. ඒ කොටින්ගේ සැහැසි ක්‍රියාවන් එන්න එන්නම දරුණු වෙමින් පැවැතියදීය. සහෝදර සහෝදරියන් තිදෙනකුගේ පවුලේ වැඩිමලා වන ඩික්ෂන් රාජමන්ත්‍රි මෙන්ම සොහොයුරාද හමුදාවට එක් වන්නේ වෘත්තීයමය රාජකාරියකට වඩා එදා රට තුළ පැවැති අවශ්‍යතාව මනාව තේරුම් ගනිමිනි. චතුර ලෙස දෙමළ භාෂාව හැසිරවීමේ රුසියකු වූ රාජමන්ත්‍රි පළමුවැනි සන්නද්ධ හමුදා බුද්ධි බළකායට අනුයුක්තව උතුරේ සේවය කරමින් සිටියේය. දෙවැනි ඊළාම් යුද සමයේදී කොටින්ගේ ඉලක්ක විනාශ කිරීමට අවශ්‍ය දායකත්වය සපයමින් යාපනය, මන්නාරම, වැලිඔය හා මුලතිව් වැනි ප්‍රදේශවල මෙන්ම ඕමන්ත යුද හමුදා මුරපොළේද විශේෂ රාජකාරි කටයුතුවලද නිරතව සිටියේ ත්‍රස්තවාදී ඉලක්ක සොයා සිය බුද්ධි මෙහෙයුම් දියත් කරමිනි.

මෙරට යුද්ධය දරුණු ලෙස පැවැති 1990 දශකයේදී හමුදාවේ මුලතිව්, අලිමංකඩ, ඔඩ්ඩුසුඩාන් වැනි දැවැන්ත කඳවුරු බිඳවැටෙමින් අත්අඩංගුවට පත්වූ යුද සෙබළුන් අමු අමුවේ කොටින් විසින් ඝාතනය කරනු ලබමින් සිටියදී නිවාඩු නොලබා උතුරේ රැඳී සිටිමින් සිය බුද්ධිමය දායකත්වය රට වෙනුවෙන් ලබා දෙන්නට මේජර් රාජමන්ත්‍රි කටයුතු කළේය.


ජයසිකුරු ක්‍රියාන්විතය සිදු වෙමින් පැවැතියදී ඊට ඇවැසි බුද්ධිමය තොරතුරු ලබා දෙමින් සෙසු නිලධාරීන් හා එක්ව කොටින් මැඬලමින් කොටි බළකොටු තුළට ප්‍රහාර එල්ල කිරීමට සිය සක්‍රිය දායකත්වය දුන් මේ නිලධාරියා තමන්ට මහත් හිසරදයක් බව කොටි නායකත්වය දැන සිටියේය. එම නිසා ඔහු ඝාතනය කරන්නට අවස්ථා කිහිපයකම ඉව ඇල්ලුවේය. ඒ සඳහා විවිධ උපක්‍රමද යෙදවූයේය. පෞද්ගලික තොරතුරුකරුවන් හරහා වඩා වැදගත් බුද්ධි තොරතුරු ලබා දෙමින් විශ්වාසය යම් තරමකට ඇති කර ඔහුව හමුදාවේ බලය පැවැති සීමාවන්ගෙන් පිටතට ගෙන්වා ගැනීමට කොටි චරපුරුෂ සේවය නොයෙක් වර උත්සාහ දැරුවේය. සිය ජීවිතයට කොතෙක් තර්ජන තිබුණද දකුණට ස්ථාන මාරු නොඉල්ලූ ඔහු දිවා රෑ නොබලා සිය රාජකාරිය දේව කාරියක් සේ ඉටු කරන්නට සැම විටම කටයුතු කළ බව ඔහු හා සේවය කළ බුද්ධි නිලධාරීහු කියති. සිය හමුදා ජීවිතයේ වසරක් හෝ දෙකක් හැරෙන්නට වැඩිමනක්ම උතුරේ සේවය කරන්නට මේජර් රාජමන්ත්‍රි කටයුතු කළේය. යුද්ධයේදී ඔහු දැක්වූ දක්ෂතා නිසාවෙන් වරෙක රණශූර පදක්කමින්ද පිදුම් ලැබීය.

කොටි ත්‍රස්තයන්ගේ රහස් මෙහෙයුම් හා ජාත්‍යන්තර වශයෙන් ලැබෙන සැපයුම් මාර්ග සොයා ගැනීමට සුවිශේෂී රාජකාරියක නිරත වූ නිලධාරියකු ලෙස ප්‍රකට රාජමන්ත්‍රි සිවුවැනි ඊළාම් යුද සමයේදී මුලතිව් අල්ලා ගැනීම සඳහා වැලිඔය සිට ඇරැඹි ක්‍රියාන්විතයේ 59 වැනි සේනාංකයේ සන්නද්ධ බුද්ධි නිලධාරියා ලෙස කොටින්ගේ හදවත වැනි වූ වන් ෆෝ බේස් කඳවුරේ කොටි මෙහෙයුම් අඩාල කරන්නට සුවිශේෂී මෙහෙයුමක් කළේය.ඔහුගේ හමුදා දිවියේ අවාසනාවන්තම දිනය උදා වන්නේ 1998 වසරේ සැප්තැම්බර් මාසයේය. 51 වැනි සේනාංකයට අයත් යාපනය 512 බළසේනා මූලස්ථානයේ රැඳී සිටිමින් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා විමර්ශනය කරමින් ත්‍රස්ත ක්‍රියා අඩපණ කරන්නට කොටි චරපුරුෂ ජාලයට එරෙහිව සිය බුද්ධි මෙහෙයුම් දියත් කරමින් සිටියදීය.

නමුත් අවාසනාවට සියල්ල උඩු යටිකුරු වන්නේ සැප්තැම්බර් 10 වැනිදා යාපනය වට්ටවාන් පාරේ අංක 53/3 ලිපිනයේ පදිංචි ඥානසිංහම් ඇන්ටන් ගුණසිංහම් නමැත්තා ත්‍රස්තවාදී සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන ඔහුගේ භාරයේ සිටියදී මියයෑම හේතුවෙනි. ප්‍රදේශයේ හමුදා වාහන හා මුර සංචාර ඉලක්ක කරමින් සිදු කෙරෙන ක්ලේමෝ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කළ හමුදා බුද්ධි බළකාය සැකපිට මෙම මියගිය පුද්ගලයා රැගෙන විත් තිබුණේ ඒ සම්බන්ධ‍ෙ යන් ඔහුගෙන් ප්‍රශ්න කරන්නටය.

අවසානයේ සැකකරු මියගියේ මේජර් රාජමන්ත්‍රි, සැරයන් ප්‍රියන්ත රාජකරුණා පමණක් නොව කර්නල් රොනි බර්තලමියුස්වද අත්අඩංගුවේ සිටි මෙම සැකකරුගේ මරණයට වගඋත්තරකරුවන් කරවමිනි.

මේ මරණය සම්බන්ධයෙන් රාජමන්ත්‍රි ඇතුළු බුද්ධි නිලධාරීන්ට එරෙහිව කෝපායි පොලිසිය යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවැරීය. අනතුරුව නඩුවේ සැකකරුවන් වූ මෙම බුද්ධි නිලධාරීන් එවකට පැවැති වටපිටාව මත සිදු කළ අභියාචනයක් අනුව නඩුව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග කෙරිණි. එම කාලය තුළ අත්අඩංගුවට පත්වූ රාජමන්ත්‍රි ඇතුළු පිරිස කලක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට පසුව ඇප මත පැමිණ රට වෙනුවෙන් සිය සේවය ඉටු කරමින් සිටියේය.

ත්‍රස්තවාදී සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගත් ගුණසිංහම්ගේ මරණය පිළිබඳව කෝපායි පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ සැකකරු ගොඩනැඟිල්ලක ඉහළ මාලයේ සිට පැන දිවි නසාගත් බවට ප්‍රකාශ වුවද මියගිය අයගේ සිරුරේ පහරදීමෙන් ලද තුවාල දක්නට තිබුණු බව වෛද්‍ය වාර්තාවේ සඳහන් වන බවයි.

පසුව නීතිපතිවරයා විසින් චූදිත බුද්ධි නිලධාරීන්ට එරෙහිව අධි චෝදනා ගොනු කරනු ලැබීමත් සමඟ යළිත් මෙම නඩුව යාපනය මහාධිකරණය වෙත යොමු කෙරිණි. අනතුරුව චූදිත බුද්ධි නිලධාරීන් මෙම නඩුව වෙනත් මහාධිකරණයක විභාගයට ගන්නැයි කළ ඉල්ලීම මත ත්‍රිකුණාමලය මහාධිකරණයේදී නඩුව විභාගයට ගැනිණි.

දීර්ඝ කාලයක් පුරාවට මෙම නඩුව විභාග වූ අතර අවසානයේ චූදිතයන් තිදෙනාගෙන් දෙදෙනකුට මරණ දඬුවම නියම කරමින් ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා විවෘත අධිකරණයේ කියා සිටියේ දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය අනුව මිනීමැරීමේ චෝදනාව සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කරනු ලැබ ඇති බවයි.

ඒ අනුව මෙම මරණයට සැකපිට චෝදනා ලැබූ හමුදා බුද්ධි නිලධාරි කර්නල් රොනි බර්තලමියුස් සියලු චෝදනාවලින් නි‍ෙදාස් කොට නිදහස් කළ අතර සෙසු බුද්ධි නිලධාරීන් දෙදෙනා වන මේජර් ඩික්සන් රාජමන්ත්‍රි හා සැරයන් ප්‍රියන්ත රාජකරුණාට මරණ දඬුවම හිමි වූයේය.

වසර 22ක සේවා කාලයකින් මොහු 2018 වර්ෂයේ ඔක්තෝබර් මස විශ්‍රාම යෑමට නියමිත අතර ඔහු දෙදරු පියෙකි. තවද වැඩිමහල් දරුවා මෙම වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත අ.පො.ස. සා/පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව ඇත. දරුවන්ගේ හා පවුලේ ඉදිරි අනාගතය වෙනුවෙන් රුපියල් ලක්ෂ 14ක පමණ මුදලක් වාණිජ බැංකු හා මූල්‍ය ආයතන වෙතින් ලබාගෙන ඇත.

එදා කොටි ත්‍රස්තයන්ගෙන් බේරී සිය උපන් බිම වන ත්‍රිකුණාමලය හැර යන මේජර් රාජමන්ත්‍රි නම් මේ කීර්තිමත් බුද්ධි නිලධාරියාට යුද සමයේ සිදුවූ වරදක් හේතුවෙන් යාපනය, අනුරාධපුර හා ත්‍රිකුණාමලය යන අධිකරණ ත්‍රිත්වය තුළ දිගු කලක් පුරා පැවැති නඩු විභාගයකින් පසුව අවසානයේ මරණ දඬුවම හිමි වූයේය.

එහි දෛවෝපගත සිද්ධියක් වන්නේ එකී මරණ දඬුවමේ නියෝගය සිය උපන් ගමේ පිහිටි ත්‍රිකුණාමලය මහාධිකරණයෙන්ම හිමි වීමය. තවත් විශේෂත්වයක් වන්නේ එම ආන්දෝලනාත්මක නඩු තීන්දු රැසක් ලබා දෙමින් ජනතාව අතර ප්‍රකට විනිසුරුවරයකු වූ ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු වන එම්. ඉලංචේලියන් මහතා විසින් ලබාදීමය.

මරණ දණ්ඩනය නියම වී සිටින යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ මේජර් ඩික්සන් රාජමන්ත්‍රි මහතාගේ බිරිය වන ගීතාංජලී ගුණතිලක මහත්මිය සමඟ කතාබහක යෙදීමට හැකි විය.සෝසුසුම් මැද මේ ඇය තම සැමියා ගැන කී කතාවය.

“මගේ මහත්තයාගේ මුල් ගම ත්‍රිකුණාමලය. එයාගේ තාත්තාත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ රණවිරුවෙක්. ඔහුගේ නම නෙල්සන් රාජමන්ත්‍රි. මගේ මහත්තයාගේ මවගේ නම මිගෙල් චාලට් පෙරේරා. ඔහුගේ මව විතරයි දැනට ජීවතුන් අතර ඉන්නේ. මහත්තයා තමයි ගෙදර වැඩිමලා. එයාට තව මල්ලි කෙනකුයි, නංගි කෙනකුයි ඉන්නවා. එයාගේ මල්ලීත් ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර්වරයෙක්.

මහත්තයාගේ පවුලේ අයට ඒ කාලේ හොඳට සල්ලි තිබිලා තියෙනවා. එයාලාගෙ ගෙවල් තිබිලා තියෙන්නේ ත්‍රිකුණාමලයේ අනුරාධපුර හන්දියේ. ඒ කාලේ ඔවුන්ට ලොකු ගැරිජ් එකකුත් තිබිලා තියෙනවා. 1989 කලබලත් එක්ක එයාලාට ඒ පළාත අත්හැරලා එන්න සිද්ධ වෙනවා. ඔවුන් එන්නේ මාවනැල්ලට. මහත්තයාගේ ඉස්කෝලේ තමයි ත්‍රිකුණාමලය තිස්ස විද්‍යාලය.

එයා 1993 කැඩෙට් නිලධාරියකු විදියට ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳෙනවා. එයා මට දුරින් නෑදෑයෝ වෙනවා. ඒ හරහා අපි දැන හඳුන ගන්නවා. ඒ සම්බන්ධය ආදරයක් දක්වා වර්ධනය වෙනවා. එයා යුද හමුදාවට බැඳුණු වසරේම තමයි අපි දෙන්නත් හමුවුණේ.
මගේ මහත්තයා බියගුල්ලෙක් නෙවෙයි. යුද්දේ ඉවර වෙනවා කියලා ඒ කාලේ මට නිතරම කියනවා. යුද්දේ නිසා එයා වැඩිපුර ගෙදර හිටිය කෙනකුත් නෙවේ. ඒ නිසා අපි විවාහ වුණේ 2005 ඔක්තෝබර් 30. මොකද ඊට කලින් දවසේ එයාගේ උපන් දිනය යෙදිලා තිබුණේ. එයාට වුවමනා වෙලා තිබුණා උපන් දිනේ දවසටම බඳින්න.

යුද්දෙ නිසා අපිට විවාහය ගන්න පරක්කු වුණා. අපි විවාහ වෙද්දි මට අවුරුදු තිහක්. මං එයාට නිතරම කියනවා විශ්‍රාම ගියාම නම් ගෙදරින් හෙල්ලෙන්නවත් එපා කියලා. එයාගේ රාජකාරි නිසා එයා නිවාඩු එනවා හරි අඩුයි.

විවාහ මංගල්‍යයටත් එයා ආවේ දවස් අටකට නිවාඩු දාලා. යුද්දේ තිබ්බ කාලේ එයා මට රස්සාවක් කරන්න දුන්නෙත් නැහැ. ඒ මට ගෙදරට වෙලා ඉන්න.කියලා. එයාගේ රාජකාරිත් එක්ක එයා අපිට එල්.ටී.ටී.ඊ.යෙන් කරදරයක් වෙයි කියලා බය වෙලා හිටියේ.එයා අදටත් ගෙදර නිදාගෙන ඉන්න කොට රතිඤ්ඤා සද්දයක් ඇහුණත් ඉණ අල්ලලා බලනවා. ඒ තුවක්කුව තියෙනවාද කියලා. ඒ මුළු ජීවිතයම ඔහු යුද්ධයට කැප කළ නිසයි අදටත් ඔහුව නින්දෙන් එහෙම වෙන්නේ.

නිවාඩුවට ගෙදර එද්දී එයා එයාගේ රාජකාරි පිස්තෝලය අරන් එනවා. ඒක එයා තියා ගන්නේ කොට්ටේ යට. එතකොට මටත් බයයි.අපිට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. තිදෙනාම ගැහැනු දරුවන්. ලොක්කාගේ නම අමින්දතා උත්කර්ශි රාජමන්ත්‍රි (12) දෙවැනියා ශලනි සෙනායා රාජමන්ත්‍රි (9) ලොකු දුව ඉගෙන ගන්නේ මහනුවර විහාර මහා දේවි බාලිකා විද්‍යාලයේ. දෙවැනි දුව ඉගෙන ගන්නේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ.

බාලම දුවට දැන් අවුරුදු හතරයි. ඇයගේ නම ඉසලි සෙසන්සා.දෙවැනි දුවගේ උපන් දිනේ තිබ්බේ ඉකුත් 10 වැනිදා. එදා එයා මගෙන් අහනවා කේක් කපන්න තාත්තා ගෙදර එනවාද කියලා.එයාලගේ තාත්තාට වෙච්ච දේ ගැන දන්නේ තාම ලොකු දුව විතරයි. පොඩි දෙන්නාට කියලා නැහැ.

එයාගේ උපන් දිනේට කපන්න කියලා කේක් එකක් මහත්තයාගේ යාළුවො එව්වා.පොඩි දුව සමහර දවස්වලට අහනවා අපට තාත්තා කෙනෙක් නැද්ද කියලා. යුද්දෙ ඉවර වුණත් මහත්තයා ගෙදර එන්නේ හරි අඩුවෙන්. එයාගෙ රාජකාරි එක්ක එයාට ළමයි එක්ක ඉන්න වෙලාවක් තිබ්බේ නැහැ.

මහත්තයා අවසන් වරට රාජකාරි කළේ මහනුවරයි. ඊට කලින් ඔහු රාජකාරි කළේ වවුනියාවේ ක¼දවුරක. ඔහු එහි දෙවන අණදෙන නිලධාරිවරයා ලෙස කටයුතු කළා.මේ වසරේ ඇති වුණු මහනුවර ගැටුමත් එක්ක මහත්තයාව මහනුවර ක¼දවුරකට කැඳෙව්වා.

අපි දැන් පදිංචිවෙලා ඉන්නේ ගඩලාදෙණියේ. අපි තාම ගේ‍ෙදාර වැඩවත් ඉවර කරලා නැහැ. ණය වෙලා තමයි ගේ හදන්නේ. මම දැන් පාසල් ගුරුවරියක්. දෙනුවර,ගෝනායික සිංහල දෙමළ විද්‍යාලයේ මම ඉංග්‍රීසි භාෂාවයි, විද්‍යාවයි උගන්වනවා.අපි දැන් අසරණ වෙලා ඉන්නේ. ළමයි අහනවා තාත්තා කවද්ද එන්නේ කියලා.

චාමර අමරසූරිය

ලක්‍ෂපති කෝච්චි ඩ‍්‍රයිවර්ලාගේ හිඟන වැඩ වර්ජනයට තැබූ අපූරු සටහනක්

පෙරේදා සවස 3.00 ට කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව අරඹන ලද හිඟන දුම්රිය වැඩවර්ජනය නිසා මහ මඟ අනාථ වූ අසරණ මිනිසුන්ගේ සාපය දුම්රිය එන්ජින් ඩ‍්‍රයිවර්ලා ලෙස හඳුන්වන නීච කාලකණ්ණින් පිටුපස ආත්මයක් ආත්මයක් ගාණේ ඇදී එනු ඇත්තේ එන්ජිම පිටුපස ඇදී එන කෝච්චි පෙට්ටි මෙනි.

පොදු මගී ප‍්‍රවාහන මාධ්‍යයක් වන දුම්රියේ යන මිලියන කිහිපයක් වූ මගී ජනයාගෙන් සියයට හැත්තෑ පහකටත් වඩා සීසන්කාරයෝ ය. මිනිසුන් දුම්රිය සීසන් ගන්නේ ඒවා ලංගම බස් සීසන් ටිකට්වලට වඩා මිලෙන් අඩු නිසාය. මේ සීසන් ටිකට්පත මිනිසුන්ගේ දුප්පත්කමේ සලකුණකි. දුම්රිය එන්ජින් ඩ‍්‍රයිවර්ලා විසින් මේ දුප්පත් සලකුණට පයින් ගසන ලද්දේ රේල් පාරටම වැටෙන්නටය. ලංකා ඉතිහාසය විසින් පහල කරන ලද තඹ සල්ලි භාගයක් තරම්වත් නොවටිනා, මස් බරට පමණක් වටිනා ප‍්‍රවාහන ඇමැතිතුමකු මේ මොහොතේදී අපට සිටී. ඔහු නිමල් සිරිපාල ද සිල්වාය. ඔහු ප‍්‍රවාහන ඇමැති බවට පත්වීමෙන් පසු දුම්රිය ස්ට‍්‍රයික් කිහිපයක් සිදු වූ නමුදු ඒවා සමථයට පත් කරනු තබා එසේ කිරීමට කල්පනා කරනු පිණිසවත් මොළයක් ඔහුට නොවීය. පෙරේදා පටන්ගත් වර්ජනයේ අරමුණ එන්ජින් ඩ‍්‍රයිවර්ලාගේ වැටුප් විෂමතා නැති කර ගැනීමය.

ඒ නිමිත්තෙන් මේ වර්ජනය සූදානම් කර තිබුණේ මෙයට සතියකට පමණ පෙරය. ඒ වෙලාවේදී රේල් පාර දිගේ පයින් ගොස් (රේල් පාරේ පයින් යෑම තහනම්ය* දුම්රිය වෘත්තීය සමිති නායකයන් හමු වූ රාජිත සේනාරත්න සහ සරත් අමුණුගම පොරොන්දු ගෝනියක් බිමට හලා එන්ජින් ඩ‍්‍රයිවර්ලාගේ වැටුප් විෂමතා නැති කරන බවට සහතික කළහ. එකල්හි දුම්රිය වෘත්තීය සමිති තාවකාලිකව වර්ජනය රිවස් කරගත්හ. පසුව පැවති කැබිනට් මණ්ඩල රැුස්වීමේදී එන්ජින් ඩ‍්‍රයිවර්ලාගේ වැටුප් වැඩි කළ යුතු බව රාජිතලා යෝජනා කළහ.

එහිදී බලවත් සේ කෝපයට පත් මුදල් ඇමැති මංගල සමරවීර ‘‘තොපිට දේශපාලනය කරන්න මම මොකටද ආණ්ඩුවේ සල්ලි දෙන්නෙ’’ යනාදී වශයෙන් කල්පනා කළ නිසා, දෝ වැටුප් වර්ධක යෝජනාව ගෙනා සියලූ දෙනාගේ ඇඟට ගොඩ වී එය ප‍්‍රතික්ෂේප කළේය. රාජිත එම ඇඟට ගොඩවීම තඹ සල්ලියකට ගණන් ගත් බවක් පෙනුනේ නැත. වැටුප් වර්ධක නොලැබුණොත් එන්ජින් ඩ‍්‍රයිවර්ලා ස්ට‍්‍රයික් කරන බව ඔහු ස්ථිර වශයෙන්ම පහදා දුන්නේය. ඉන්පසු ඔහු නිහඬ වූයේ මංගලගේ හිතුවක්කාරකමට පාඩමක් උගැන්වීම සඳහා විය යුතුය. එය එසේම සිදුවිය. ශ‍්‍රී ලංකාවේ ජනයාගෙන් වැඩි දෙනා දවසකට උපයන උපරිම ආදායම් සාමාන්‍යය රුපියල් 800 කි. මාසයකට රුපියල් 24,000 ක ආදායමක් ලබා පවුල් නඩත්තු කරන ජනයා ද මේ රටේ සිටින බව එමඟින් ඒත්තු ගැන්වෙයි.

සමහර විට මේ පවුලක දරුවන් තුන්දෙනෙක් ඉන්නටත් පුළුවන. දරුවන් පස් දෙනෙක් ඉන්නටත් පුළුවන. පවුලේ දෛනික වියදම් කර අවසන් වන විට ගෙදර මහ මිනිහාට වැඩට යෑමට සල්ලි නැත. එතැනදී හැමදාමත් පිහිටට ආවේ අඩු මිල දුම්රිය සීසන් පතය. මාතරටත් එහා සිට, නුවරටත් එහා සිට කොළඹ කන්තෝරුවල වැඩට එන ජනයා ඕනෑ තරම් සිටිති. මහ පාන්දර බිරිඳ විසින් උයන ලද බත් පාර්සලය බැඳගෙන එය ලෙලි ගිය හම් බෑග් එකේ පතුලේ තැන්පත් කර පාන්දර හතරට ගෙදරින් නික්මී පැයක් පමණ පයින් ගොස් ස්ටේෂමට පැමිණ කොළඹ එන රජයේ සේවකයෝ ඕනෑ තරම් සිටිති. ඒ මිනිසුන්ගේ සන්තකයේ ඇති වටිනා දේවල් දෙකක් තිබේ. එකක් අර බත් පාර්සලයයි, අනෙක දුම්රිය සීසන් ටිකට් එකයි.

ඔවුන්ගේ හම් බෑග් එක සුදුසු වන්නේ මදුරුවන් වැඩිපුර සිටින දවස්වල දුම් ගැසීම පිණිස ගිනි තැබීමට පමණි. මේ මිනිසුන්ගේ අතේ තුට්ටුවක් නැත. කලිසම් සාක්කු දෙකෙන් එකක ලේන්සුවක් තිබේ. අනෙක් සාක්කුවේ ලොකු හිලක් තිබේ. ෂර්ට් සාක්කුවේ ඇත්තේ ජාතික හැඳුනුම්පත සහ දුම්රිය සීසන් ටිකට් එක පමණි. මේ මිනිස්සු පික් පොකට්කාරයන්ගේ නිරන්තර ද්වේෂයට ලක් වෙති. ඔවුන්ගේ කලිසම් සාක්කුවලට බැස්සොත් පික්පොකට්කරුට ලබාගත හැක්කේ දැලක් බඳු පරණ ලේන්සු කබල පමණි. පෙරේදා සවස නීච දුම්රිය එන්ජින් ඩ‍්‍රයිවර්ලා සිය හදිසි ත‍්‍රස්ත ප‍්‍රහාරය මඟින් විනාශයට පත් කළේ මේ අසරණ මිනිසුන්ය.

මේ පුවත්පත වැඩවර්ජනවලට කවදත් විරුද්ධය. කම්කරු අරගලවලට හැමදාමත් පක්‍ෂය. එහෙත් ත‍්‍රස්ත ප‍්‍රහාර ලෙස එන කම්කරු අරගලවලට හැමදාමත් විරුද්ධය. පෙරේදා සවස 3.00 ට පටන් ගත් දුම්රිය වර්ජනයේදී ආණ්ඩුව කළ යුතුව තිබුණේ එන්ජින් ඩ‍්‍රයිවර්ලාගේ බෙල්ලෙන් අල්ලා එළියට දමා යුද හමුදාව ලවා දුම්රිය දිවවීමය. මෙය ප‍්‍රභාකරන් කොළඹට ගැහුවාක් වැනි වැඩකි. කෝච්චියක එන්ජින් ඩ‍්‍රයිවර් කෙනකු ගන්නා පඩියත්, ගුවන් යානයක නියමුවකු ගන්නා පඩියත් අතර වැඩි වෙනසක් අපට නොපෙනේ. ගිය අවුරුද්දේ දෙසැම්බර් 12 වැනිදා එවකට නියෝජ්‍ය ප‍්‍රවාහන ඇමැතිව සිටි අශෝක අබේසිංහ පාර්ලිමේන්තුවට දැනුම් දුන් පරිදි එන්ජින් ඩ‍්‍රයිවර් කෙනකු රුපියල් දෙලක්‍ෂ විසි හය දහස දකවා වූ වැටුපක් උපයති.

ඔවුන්ගේ මූලික වැටුප රුපියල් 54,000 කට කිට්ටු බවත් ඔවුන් ඕ. ටී. වලින් මාසයකට උපයන මුදල රුපියල් 180,000 ක් වන බවත් ඔවුන් පැය 8 ක් එක දිගට වැඩ කළ විට පැය 9 ක විවේකයක් ලබන බවත් අශෝක අබේසිංහ තවදුරටත් කීවේය. දුම්රිය දෙපාර්තමේන්තුව තුළ සදාකාලිකව ධගඔග ඇත. ඒවායේ වැඩියක් මිස අඩුවක් නැත. එබැවින් රුපියල් 800 ක දෛනික පඩියක් ගන්නා දුප්පත් මිනිසුන්ට පයින් ගැසූ එන්ජින් ඩ‍්‍රයිවර්ලාට පොල්පිතිවලින් ගැසිය යුතුය. ඊට අමතරව ගිගිරුම් සහිත වැසි දිනවල පාරේ ගමන් කරන්නේ නම් අකුණු සන්නායකයක් අතින් ගෙන ගමන් කිරීමය එන්ජින් ඩ‍්‍රයිවර්ලාට වඩාත් සුදුසුයි

තෙල් මිලට අද රෑ වෙන දේ මෙන්න

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාක්මක වන පරිදි මිල සූත්‍රය අනුව OCTANE 95 වර්ගයේ ඉන්ධන රුපියල් 02කින් හා සූපර් ඩීසල් රුපියලකින් වැඩි වී තිබේ.

ඒ අනුව මෙතෙක් රුපියල් 155 ක්ව පැවති OCTANE 95 වර්ගයේ ඉන්ධන අද මධ්‍යම රාත්‍රිෙය් සිට රුපියල් 157 දක්වා ඉහළ යන අතර 129 ක්ව පැවති සූපර් ඩීසල් වර්ගයේ ඉන්ධන අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 130 ක් දක්වා ඉහළ ගොස් ඇත..

අනෙකුත් ඉන්ධන වර්ගවල කිසිඳු වෙනසක් සිදු නොවන බව අද මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මිල ගණන් අනුව සෑම මසකම 10 වන දා සිට ක්‍රියාත්මක කිරීමට හඳුන්වා දුන් මිල සුත්‍රය අනුව මෙම මිල තීරණය කර ඇත.

මී වදයක් බැඳ රට පුරා ගමනේ යන ජීප් රථයක්

එළවළු සහ පලතුරු ප්‍රවාහනය කරන ජීප් රථයක පිටුපස මී වදයක් බැඳ තිබෙන අතර එම මීවදයත් සමග ජීප් රථය එළවළු සහ පළතුරු රටපුරා ප්‍රවාහනය කරන අතරතුරදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී අප වාර්තාකරුට හමුවි තිබෙනවා.

ගල්කිරියාගම කෝරලයාගම ප්‍රදේශයේ පදිංචි ලයනල් බණ්ඩාර මහතාගේ ජීප් රථයේ පිටුපස අමතර රෝදය සවිකර ඇති යකඩ බටයේ මෙම මීය බැඳ තිබෙන්නේ.

ඔහු දඬුවෙල්ලෑ ව නමින් මෙම මී වදය හඳුන්වන බවයි. මීට මාස තුනකට පෙර නිවසේ නවතා තිබියදී මේ මීය බැඳ තිබූ බවත් එදා සිට මේ දක්වාම මෙම මී මැස්සන්ගෙන් තමන්ටත් තමන්ගෙන් මී මැස්සන්ට අන් කිසිදු හිරිහැරයක් නොවන බවයි ලයනල් බණ්ඩාර මහතා පවසන්නේ.

ඔහු දී වයිනේ විවිධ ප්‍රදේශවල මෙම රථයෙන් එළවළු හා පළතුරු ප්‍රවාහනය කිරීම රැකියාව හැටියට සිදුකරයි . ලොකු ළූණු පටවාගෙන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ සිටියද අප වාර්තාකරුට හමුවි ඇත්තේ.

මෙම මී මැස්සන් තමන්ට අතපත ගෑමට පවා හැකි බවත් ඔහු පවසනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය නිරන්තරයෙන්ම කලබලකාරී මිනිසුන් බහුලව ගැවසෙන ස්ථානයක්. එහෙත් මෙම වාහනය බැඳ ඇති මී මැස්සන් මේ කිසිදු කලබලකාරී තත්ත්වයකට කලබල නොවී තැන්පත්ව සිටින අයුරු දැක ගැනීමටපිළිවන්.

ලංකාවේත් සාර්ථක ඇපල් වගාවක්

මේ වන විට අපේ රටේ වෙළදපොල පිරී ඇත්තේ විදේශීය ඇපල් වර්ග වලිනි. අප රටේ ප‍්‍රධාන නගරවල මෙන්ම ඈත එපිට කුඩා නගරවලද පිටිසර ගම්මාවල කඩපිල් දක්වාද මෙම විදේශීය ඇපල් වර්ග ව්‍යාප්තව ඇත.

විදේශීය මෙම ඇපල් ප‍්‍රභේද ඇපල් අස්වනු නෙලිමෙන් දිගු කලකට පසුව මෙරටට ආනයන කරන බව රහසක් නොවන අතර දිගු කල් පැවැතිම සඳහා විවිධ ක‍්‍රමයන් භාවිතා කරන බවද අසන්නට ලැබේනවා.

විදේශීය ඇපල් වර්ග අප රටේ ප‍්‍රචලිතව පසුවන මෙවන් පසුබිමක් තුළ විදේශ ඇපල් ගෙඩියට වඩා පිටි ගතියෙන් අඩු අප රටට යෝග්‍ය රසයෙන් හා ගුණයෙන් පිරි රහංගල ඇපල් ප‍්‍රභේදය මේ වන විට කෘෂිකර්ම දෙපාර්තෙමින්තුව විසින් අප රටට හදුන්වා දී තිබේනවා. එම රහංගල ඇපල් ප‍්‍රභේදය අප රට තුළ සාර්ථකව වගා කළ හැකි අතර මේ වන විට උඩරට අතර මැදි කළාපයේ ගෙවතු මටිටමින් වගා කිරිම සදහා ගොවින් දැණුවත් කරමින් සිටිනවා.

දේශිය වශයෙන් දසක කිහිපයකට පෙර සිටම පෙයාර්ස් මෙන්ම ඇපල් වගාව ආරමිභ කිරිමට පියවර ගෙන ඇතද එය ආර්ථික පලතුරක් ලෙසින් එතරමිම ප‍්‍රචලිත විමක් දක්නට නොලැෙබි. මෙයට එක් හේතුවක් නමි වසර පුරාවට ගෙඩි හටගැනිමක් දක්නට ඇතත් වැඩි අස්වැන්නක් ලබාගත නොහැකි විමයි. එසේම වසර 5-6 ක් වැනි කාලයක් පළමු අස්වැන්න ලැබිමට ගතවිම මත කෙටි කාලින බෝග වගාෙවි නියැලෙන ගොවින් මෙයට එතරමි උනන්දුවක් නොදැක්වන බවද පෙනේ.

ඇපල් සහ පෙයාර්ස් යන පලතුරු ගස් ඉඩෙමි වැටමායිමට ඇතුලූව අනෙකුත් බෝග වගාවට අවහිර නොවන ස්ථානවල මෙම තත්වය මත වගා කිරිමට හැකියාක් පැවතිම නිසා වගාකරුට පහසුවෙන් මේ තුලින් අතිරේක ආදාමක් උපයා ගැනිමට අවස්ථාවක් උදාවී ඇතයි කෘෂිකර්ම දෙපාරතමේන්තුව පවසනවා‍.

අප රට තුළ මේ වන විට දේශීය ඇපල් ප‍්‍රභේද දෙකකි. එය වල් ඇපල් සහා රාගල ඇපල් ලෙසින් ප‍්‍රචලිත වී තිබේ. වල් ඇපල් ප‍්‍රභේදයේ ගෙඩි හට නොගන්නා අතර රාගල ප‍්‍රභේදයේ ගෙඩි හට ගැනීම සිදුවේ. එනිසා වල් ඇපල් ග‍්‍රහකයකු ලෙසින් රාගල ප‍්‍රභේදය බද්ධ කරණු ලැෙබි. එය රහංගල ඇපල් ලෙසින් හදුන්වයි. රහංගල නව ප‍්‍රභේදයට අයත් එක් ගසකින් කිලෝ 01-15 අතර ප‍්‍රමාණයක අස්වැන්නක් වසරකට ලබාගත හැකිව තිබේනවා.

බදුල්ල සහ නුවරඑළිය යන දිස්ත‍්‍රීක්කවල මෙම ඇපල් වගාව මුහුුදු මටිටමින් අඩි 4000-5000 උසින් යුතු භුමි ප‍්‍රදේශවල සාර්ථකව සිදුකළ හැකිය. පසේ සරු බව සහ ජල ඌනතාවය පසේ ආමිලිකතාව වෙනස්විම ඇපල් ගසට එතරමි බලනොපාන බව කිවයුතුය. මෙහි ඇති විශේෂය නමි සුදුසු ප‍්‍රදේශයක සුදුසු භුමියක්වීම පමණී.

බද්ධ පැල සිටුවිම සඳහා දිග අඩි දෙකක් පළල අඩි දෙකක් සහ උස අඩි තුනක් වන සේද පේලි අතර අඩි දොලහක් සහ ගස් අතර අඩි එකොලහක් වන පරතරයක් පවතින අයුරින් වගා භුමියේ වලවල් කපා ගත යුතුය. පසේ ආමිලතාවය වැඩිනමි පැල සිටුවිමට සති දෙකකට පෙර එම භූමියට ඩොලමයිටි යෙදීම සිදු කළ යුකුය. ගොම කොමිපෝස්ටි පොහොර කිලෝ දහයක් පමණද වැලි මතුපිට පස් සමග මිශ‍්‍ර කර වල පුරවා ගත යුතුයි.

ඇපල් වගා කිරීමෙන් අනතුරුව වගා කළ ඇපල් ගසකින් වසර තුනේ සිට හය අතර කාලයක් ගතවෙන විට මල් පිපිම ආරමිභ වේ. මුලින්ම හට ගන්නා මල් ඉවත් කිරිම වැදගත්ය. ගසේ ඉහළට ඇදෙන අතු හරස් අතට ගස සමබර වෙන ලෙසට නැමිය යුතුය. හරස් අතු වලින් ඉහළට ඇදෙන අතු එසේ ඉහළට වැඩිමට සැලසිය යුතුයි.

මෙම ඇපල් ගස්වල සෑම වසරකම නොවැමිබර් මාසයේ කොළ හැලිම ආරමිභවේ. මෙම ඇපල් ගස්වල ඇති රෝගී අතු හා දිරාගිය අතු කපා ඉවත් කළ යුතුය .මෙම අතුවල කැපු ස්ථානවල දිලිර නාශක තැවරිය යුතුය. මෙම ඇපල් වගාවල පෙබරවාරි සහ මාර්තු වන විට මල් පිපිම ආරමිභ වෙන අතර ජුලි සහ අගෝස්තු මාස වන විට අස්වැන්න නෙළා ගත හැකියි.

ඇපල් ගෙඩි හට ගැනීම ආරම්භවීමත් සමග පලතුරු මැස්සාගේ උවදුර හට ගැනිමට ඉඩ ඇති බැවින් හෝමෝන සහිත උගුලක් ඇට විය හැක. මේ තුළින් ඇපල් අස්වැන්න රැුක ගැනීමේ හැකියාවක් පවතී.

වගාකරුවන්ට අවශ්‍ය උසස් ගූණාත්මක බවින් යුතු රහංගල ඇපල් ප‍්‍රභේදයට අයත් පැල කෘෂි කර්ම දේපාර්තමේන්තුවට අයත් බොරලන්ද රහංගල පර්යේෂණ මධ්‍යස්ථානායන් ලබා ගත හැකිය. වෙළඳ පොළේ කල් ගතව ඇති විදේශ ඇපල් ගෙඩියකට වඩා නැවුමි රසයෙන් යුතු ඇපල් ගෙඩියක රසවිදිමට නමි තම ගෙවත්තේම මෙවැනි පලතුරු ගසක් සිටුවා ගැනිම තුලින් තම පවුලේ පලතුරු අවශ්‍යතාවය සපුරා ගැනිමටත් විදේශයට ඇදියන මුදල්ද අප රෙටිම රදවා ගැනීමටත් හැකියාවක් තිබේනවා.

විශේෂ ස්තුතිය බණ්ඩාරවෙල කෘෂිපර්යේෂණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ.ජී.සෝමචන්ද්‍ර මහතාට

දරුවන් නව දෙනෙකු ජීවත් කරන්න වෙහෙසෙන අසරණ පියෙකුගේ දුක්බර කතාව

පොල් කඩා දරුවන් නව දෙනෙකු සහ තම ආදරණීය බිරිඳ ජීවත් කරන අපූරු පියෙකු ගලේවෙල යටිගල්පොත්ත ප්‍රදේශයන් හමුවිය.

ගලේවෙල-දඹගස්හේන යටිගල්පොත්ත යන ලිපිනයේ පදිංචිව සිටින 37 හැවිරිදි ප්‍රියන්ත වීරක්කොඩි මහතා සහ 37 හැවිරිදි ගයානි නිරෝෂනි දසනායක යුවලට ලොව උතුම් සම්පත ලෙස සැලකෙන දරුවන් නම දෙනෙකු සිටියි.

අවසානාවකට එක් දරුවෙකු මෙලොව හැර ගොස් ඇති අතර නිවසේ පාසල් යන වයසේ තවත් දරුවන් අට දෙනෙකු සිටින බව අප වාර්තාකරු සඳහන් කළේය

අඩුපාඩුකම් රැසක් තිබුණද සතුට පිරී ඉතිරී ඇති මෙම නිවසේ එදා වේල සොයා ගැනීමට ප්‍රියන්ත වීරක්කොඩි මහතාට පොල් කඩන රැකියාවේ යෙදෙන්නට සිදුවී ඇති බවත් එක් වේලක් පමණක් ආහාරයට ගෙන දවස ගෙවන අවස්ථාද ඇති බව ඔවුන් පවසයි.

පවුලේ වැඩි මහලු පුතා වයස අවුරුදු 13 ක් වන අතර බාලම දියණියට වයස අවුරුදු හතරකි.මෙම දරුවන් සියලු දෙනාම පාසල් සහ පෙරපාසල් යන්නේ දැඩි දුෂ්කරතා මැදය

පැරණි දිරාපත් වූ නිවසක් ජීවිතය ගෙවන මේ පියා සහ මවගේ එකම බලාපොරොත්තුව දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීමටය.

විවිධ ප්‍රදේශවල පොල් ගස් නැග එයින් ලැබෙන ආදායමෙන් මෙම දරුපවුල ජීවත් කරන වීරක්කොඩි අනේක දුක් විඳින පියෙකි.

එමෙන්ම වීරක්කොඩිගේ බිරිඳට දැනට අධික රුධිර පීඩනය රෝගී තත්ත්වයකින් පෙළෙන නිසා වීරක්කොඩි අසනීප වූ බිරිඳට ද උපස්ථාන කරමින් දරුවන් ආරක්ෂා කිරීම සිදු කරනු ලබයි.

මෙම කුඩා දරුවන්ට කුමන හෝ ආධාරයක් උපකාරයක් කිරීමට යම් කිසි කෙනෙකු ඉදිරිපත් වන්නේ නම් එය මහඟු පිනක් වෙයි.

මේ පිරිසට උදව්වක් කරන්නේනම් ලංකා බැංකුවේ ගලේවෙල ශාකාවේ ගයානි නිරෝෂනි දසනායක නමින් ගිණුම් අංක 75889153 බැර කළ හැකි අතර ඔවුන් සම්බන්ධ කර ගැනීමට 076 40 20 275 අංකයෙන් හැකිය.

අපේ මල්ලිකා කොස් ගෙඩියෙන් කෑම හදලා ලෝකෙන්ම තුන්වෙනියා

දෙහිඕවිට අටුළුගම පදිංචි ඩී.කේ.ප්‍රියන්ති මල්ලිකා මහත්මිය කොරියාවේ සෝල් නුවර පැවැති ලෝක කාන්තා නව නිපැයුම් තරගාවලියට ඉදිරිපත් කළ කොස්‌වලින් සෑදූ අයිස්‌ක්‍රීම් නිර්මාණය සඳහා තෙවන ස්‌ථානය ලබා ලෝකඩ පදක්‌කමක්‌ හිමිකර ගෙන ඇත.

ශ්‍රී ලංකා නව නිපැයුම් කොමිෂන් සභාව මගින් 2017 වර්ෂයේ පැවැත්වූ සහසක්‌ නිමැයුම් නව නිෂ්පාදන තරගාවලියේදීද කොස්‌වලින් සෑදූ අයිස්‌ක්‍රීම් නිර්මාණය සඳහා දෙවන ස්‌ථානය ලබා ගැනීමට ඇය සමත්වූවාය. ඒ අනුව ඇගේ මෙම නිර්මාණය ලෝක තරගාවලියට ද ඉදිරිපත් කිරීමට අවස්‌ථාව ලැබිණි.

මෙහිදී සිය ජයග්‍රහණය පිළිබඳව අදහස්‌ දැක්‌වූ ඇය, මේ රටේ වසරකට කිලෝ 48 කෝටියක කොස්‌ අස්‌වැන්නක්‌ ලැබෙනවා. එයින් පරිභෝජනයට ගන්නේ 11 කෝටියක්‌ බව සමීක්‌ෂණයකින් හෙළි වී තිබෙනවා. එනිසා රසවත් ගුණවත් හා ස්‌වාභාවික ආහාර කොස්‌වලින් නිපදවන්න මා සිතුවා. අයිස්‌ක්‍රීම් එහි ප්‍රතිඵලයක්‌. ඒ හැර කේක්‌ බිස්‌කට්‌ බයිට්‌ කැවුම් කොකිස්‌ ආදි ආහාර වර්ග 600ක්‌ පමණ කොස්‌වලින් නිපදවිය හැකියි. එනිසා එය වැඩි දියුණු කරගතහොත් රටපුරා ව්‍යාප්ත කර විශාල පිරිසකට රැකියා දෙන්නත් පුළුවන්. එහෙත් මා මෙහිදි අභියෝග කීපයකට මුහුණදී සිටිනවා.

අමුද්‍රව්‍ය සපයා ගැනීමට ශ්‍රම බළකායක්‌ නොසිටීම කල් තබා ගැනීමේ උපකරණ නොමැතිවීම, හා ඒවා මිලදී ගැනීමේ හැකියාවක්‌ නැතිවීම, ප්‍රවාහන හා ගොඩනැඟිලි පහසුකම් නොතිබීම වගේම මේ සියල්ල ඉටුකර ගැනීම සඳහා ආර්ථිකමය හැකියාවක්‌ නොතිබීම මෙහිදී මට බලපා තිබෙනවා.

වෙනත් රටවල නම් මෙවැනි නිර්මාණ බිහිවූ විට එය වැඩිදියුණු කිරීමට අතහිත දෙනවා. එහෙත් අවාසනාවකට අපේ රටේ එහෙම නැහැ. නව නිපයුම් හඳුන්වා දෙනවා පමණයි. ඉන්පසු යටපත් වෙනවා. වගකිවයුතු අය මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.

විභාගය ජය ගන්න නොවරිදින මඟ මෙන්න – ශිෂ්‍යත්වයට සහ උසස්‌ පෙළට පෙනී සිටින දරුවන්ට විශේෂිතයි

පහේ ශිෂ්‍යත්ව විභාගය සහ උසස්‌ පෙළ විභාගය ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි. තරග විභාග මානසිකත්වය නිසා තම දරුවන් මෙම විභාගයෙන් සමත් කරවන්නට දෙමවුපියන් නොකරන දෙයක්‌ නොමැති තරම්. නැකත් බලමින්, යන්ත්‍ර මන්ත්‍ර පළඳවමින්, දේවාල ගානේ ගොස්‌ පූජා තබමින් තම දරුවන් විභාගයෙන් සමත් කරවීම සඳහා දෙමවුපියන් කටයුතු කරන බව පෙනෙනවා. මෙවැනි මිථ්‍යාදෘෂ්ටික පිළිවෙත් වෙනුවට මෙම පිරිස වෙත ධර්ම මාර්ගයෙන් තෙරුවන්ගේ ආශිර්වාදය ලබාගැනීමේ ක්‍රමවේදයක්‌ විස්‌තර කර දෙන මෙන් නමස්‌කාර පූර්වකව ඉල්ලා සිටිමි.

ධර්මානුකූලව තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත්, උප්පැන්න සහතිකයෙන් බෞද්ධයෙක්‌වීමත්, කියන අර්ථයන් දෙක අහසයි පොළවයි වගේ වෙනස්‌ අර්ථ දෙකක්‌. මුලින්ම උප්පැන්න සහතිකයෙන් බෞද්ධයෙක්‌ වෙන පිංවතා, අර්ථවත් ආකාරයෙන්, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව වෙත යොමු කරන්නේ, කල්‍යාණමිත්‍ර ආශ්‍රය තුළින් මතුකොට ගන්නා උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. වර්තමාන සමාජය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් බැහැරව, උප්පැන්න සහතිකයෙන් බෞද්ධයෙක්‌ වීමේ ප්‍රවණතාව දෙසට වේගයෙන් ඇදී යනවා. මනුෂ්‍ය සමාජය තුළට මේ විනාශය කාන්දුවන්නේ, පංචනීවරණ ධර්මයන්ගේ තීව්‍රභාවය නිසාමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කල්‍යාණමිත්‍ර ආශ්‍රයේ ඇති දුර්වලභාවයන් නිසාම, උතුම් සද්ධර්මයේ සුන්දර වූද, අසුන්දරවූද, හේතුඵල ධර්මයන් පංචඋපාදානස්‌කන්ධ ලෝකය තුළ ගලාගෙන යනවා.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. පිංවත් ඔබ දුකට අකමැති නම්, කරුණාකර, සැපයට කැමැති වෙන්නයි කියලා. සැපයට කැමති වෙන පිංවතා, මුලින්ම පංචනීවරණයන්ගෙන් ලබන මිච්ඡා සැපයත්, සප්ත බොඡ්Cධංග ධර්මයන්ගෙන් ලබන සම්මා සැපයත් අතර ඇති ධර්මානුකූල වෙනස, අපි හඳුනාගන්න ඕනේ. වර්තමාන සමාජය සම්මා සැපයෙන් බැහැරවෙලා, මිච්ඡා සැපයන් සොයාගෙන යන, තෝතැන්නක්‌ බවට පත් වෙලා තිබෙනවා. මේ මිච්ඡාඅංග සොයාගෙන යන ගමනේදී, සමාජයේ සටන්පාඨය වෙලා තිබෙන්නේ කාලා, බීලා, විනෝදවෙලා, සතුටුවෙලා, ජීවිතය විඳිමු කියන අර්ථයයි. මගේ සල්ලි, මගේ රූපය, මගේ ලස්‌සන, මම පරිහරණය කරන්නේ මට ඕනේ විදිහටයි. අබුද්ධෝaත්පාද කාලවලට අයිති අමනුෂ්‍ය මිනිස්‌ චින්තයන්a. වර්තමානයේ නැවතත්, අපේ චින්තනයන් බවට පත් කොට ගැනීමේ, ව්‍යායාමයක්‌ සමාජය තුළ දක්‌නට තිබෙනවා.

කාමයේ ආශ්වාදයේ ඇති කෙටිභාවය, රූපයේ ආශ්වාදයේ ඇති කෙටි භාවය නොදන්නා මනුෂ්‍යයෝ, කාලා, බීලා, විනෝදවෙලා, ජීවිතය විඳිමු කියන මනුෂ්‍යයෝ, සිත්සේ ජීවිතය විඳලා මැදි වයසට එනකොට, පිළිකා, හෘදයාබාධ, අක්‌මා, වකුගඩු රෝග, දියවැඩියාව වැනි බරපතළ රෝගාබාධයන්ට පත්වෙනවා. කාලා, බීලා විනෝදවෙමු සංස්‌කෘතියේ, සෑම සාමාජිකයෙක්‌ම, මියපරලොව යන්නේ, අසිහියෙන්, රෝහල්වල දැඩි සත්කාර ඒකකවල බරපතළ ආකාරයට, කායිකව, මානසිකව පීඩාවන්ට පත්වෙලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිල්පද දුර්වල කොට ගන්නා පුද්ගලයා අසිහියෙන් මියයනවාය කියලා. පිංවත් ඔබ අසිහියෙන් මිය යන කෙනෙක්‌ දකිනකොට, එම මියයන පිංවතා තුළින්, දුශ්ශීලභාවයේ ධර්මානුකූල ඵලයන් දකින්න. දික්‌කසාද, ගණිකා වෘත්තිය, නපුංසකත්වය සඳහා සමාජය තුළ ඇති වටිනාකම වැනි ධර්මතාවයන්, කාලා බීලා විනෝදවෙලා ජීවිතය විඳිමු කියන සංස්‌කෘතියේ අතුරුඵලය වීමයි. කල්‍යාණමිත්‍ර ආශ්‍රය දුර්වල, ඇස්‌ ඇති ජාති අන්ධයන්, කන්නාඩි දැම්මත් ලෝකය දකින්නේ අඳුරෙන්මයි. ධර්මයේ දැස්‌ අන්ධ මිච්ඡා සැපයේ අවසාන ඵලය සතර අපායයි. සමාජය තුළ ජීවත් වෙන, යම් පුද්ගලයෙක්‌. යම් කණ්‌ඩායමක්‌, යම් ආයතනයක්‌ ඔබට අතදිගු කරන්නේ, කාලා බීලා, විනෝදවෙලා ජීවත් වෙමු කියන සංස්‌කෘතියට නම්, ඒ ඔහු ඔබට අත දිගු කරන්නේ, ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතයේදී, වීමෙන් ඔබව අනිවාර්යයෙන්ම සතර අපායේ උපතකට කැඳවාගෙන යන්නයි. අපේ රටේ සුන්දර කාන්තාවක්‌ ජීවත් වුණා. ඇය සිත්සේ කාලා, බීලා, විනෝද වුණා. තමාගේ සුන්දර රූපය තමන්ටත්, අනුන්ටත්, සිත්සේ සතුටුවෙන්න අවස්‌ථාව ලබා දුන්නා. ඇය මැදි වියේදී අනපේක්‍ෂිත ආකාරයෙන් මිය යනවා. මරණින් පසු ඇයගේ පටිච්චසමුප්පන්න උපත සිදුවෙන්නේ, රිලා රංචුවක රිලවියක්‌ හැටියටයි. බුදුරජාණන් වහන්සේ දේශනාd කරනවා කාමයේ ආශ්වාදය කෙටියි, රූපයේ ආශ්වාදය කෙටියි කියලා. නමුත් සමාජය දැන් පිළිගන්න කැමැති, බුදුරජාණන් වහන්සේ කියන දෙය නොවේ. දුක තුළ බැසගෙන ජීවත් වෙන සමාජය තුළ දුක පැටව්ගස්‌සවන මාර දූතයන්ගේ, මාරදූතියන්ගේ මච්ඡා ධර්මයනුයි. මෙවැනි සමාජයක ජීවත්වෙන, අම්මා තාත්තා කියන උතුම් අර්ථයත්a, දරුවා කියන උතුම් අර්ථයත්. මිච්ඡා සැපයන් සොයාගෙන යන මාර්ගයට අවතීර්ණ වීම ගැන අපි පුදුම විය යුතු නැහැ. දෙමාපියන් සහ දරුවන් තුළ ඇති, තරග විභාග මානසිකත්වය හේතුවෙන්, තම දරුවන් අන්‍යශීලවෘතයන්ගේ ගොදුරක්‌ බවට පත් කරනවා.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා සම්මා දිට්‌ඨියේ අර්ථයන්ට අදාළව, අම්මා තාත්තා කියන්නේ මහා බ්‍රහ්මයායි කියලා. මහා බ්‍රහ්මයා සතු මෙත්තා, කරුණා, මුදිතා උපේඛා ගුණයන්. අම්මා තාත්තාටත්, තම දරුවන් උදෙසා සකස්‌වෙනවා. දෙවැනිව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. ආනන්තරිය පාපකර්මයන්ට අදාළව, රහතන් වහන්සේ මැරීමත්, අම්මා තාත්තා මැරීමත් ආනන්තරීය පාපකර්මයක්‌ය කියල. මෙතැනදී බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා කියන උතුම් අර්ථය, රහතන් වහන්සේ කියන අර්ථය තුළ තබා තිබෙනවා. සෑම පිංවත් අම්මා කෙනෙක්‌ම, තාත්තා කෙනෙක්‌ම, මේ ධර්මානුකූල යථාර්ථය පිළිගන්න ඕනේ. ඒ පිළිගැනීමයි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුළ පිහිටියාය කියලා අර්ථවත්ව කියන්නේ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා නම්, අම්මා තාත්තා තුළ මහා බ්‍රහ්මයාට, උතුම් රහතන් වහන්සේ නමකට අදාළ ගුණයන් තිබෙනවා කියලා, සෑම අම්මා තාත්තා කෙනෙක්‌ම දක්‍ෂ වෙන්න ඕනේ. මේ යථාර්ථය තම තමන්ගේ ජීවිතය තුළින් දැකීමට සෑම අම්මා, තාත්තා, කෙනෙක්‌ම මහා බ්‍රහ්මයා කියන අර්ථය තුළ සිටිමින්. උතුම් රහතන් වහන්සේනමකගේ ගුණයන් තුළ සිටිමින්, තම ලෙයින් පෝෂණය කළ දූදරුවන්ව සද්ධර්මයේ ගුණාත්මකභාවයට යොමු කරමින් මිච්ඡා සැපයෙන් දරුවාව බැහැර කොට , සම්මා සැපයට මාර්ගය කියාදෙන මුල් ගුරුවරයා බවට පත්වීමට දෙමාපියන් දක්‍ෂ විය යුතුයි. නමුත් වර්තමාන සමාජයේ අම්මලා තාත්තලා තම මාතෘත්වයට, පීතෘත්වයට, ධර්මානුකූලව බුදුරජාණන් වහන්සේ පනවා තිබෙන උතුම් ගුණාත්මක භාවයන්a. සිය කැමැත්තෙන්ම මරාගෙන, තම දරුවන්ටත්, දෙමාපියනුත් මිච්ඡා සැපයට පාර පෙන්වන අධර්මයේ මුල් ගුරුවරුන් බවට පත්වීගෙන යනවා. මේ තත්ත්වය සමාජය තුළ මොනතරම් බරපතළ මුහුණුවරක්‌ ගෙන තිබෙනවාද. කීවොත් තම දරුවාගේ අධ්‍යාපනයේ දියුණුව උදෙසා මුදල් වියදම් කිරීමේ සීමාවෙන් ඔබ්බට ගොස්‌ සමහර දෙමාපියන් ගුරුවරුන්ට ලිංගික අල්ලස්‌ ලබාදෙන තැනට, සමාජය පත්වී තිබෙනවා.

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ මතුවී එන තරගකාරිත්වය, දරුවන් විභාග ජයග්‍රහණය උදෙසා ගන්නා වූ කැපවීම, අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ මිල අධික භාවය. අධ්‍යාපන ක්‍ෂේaත්‍රයේ පහසුකම්, කියන්නේ ධර්මානුකූල හේතුඵල ධර්මයන්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අධ්‍යාපනයට, දැනුමට අදාළව සංස්‌කාරයන් සමාජයක වේගයෙන් මතුවී එන්නේ ඒවායේ ප්‍රතිලාභයන් දරුවන් ලබන්නේ ධර්මානුකූල හේතුවක්‌ නිසාය. කියලා. එම ධර්මානුකූල හේතුව තමයි, පෙර ජීවිතයේදී තමන් සරණ ගිය ආගමට අදාළව, පැවිදි මහණ බමුණන්ගෙන් ධර්මය ශ්‍රවණය කරලා. එම ධර්මය සාකච්ඡා කරලා, හොඳ නරක, යහපත, අයහපත, ධර්මය අධර්මය තෝරාගෙන යහපතට අදාළව, ජිවත් වීමේ ඵලයයි කියලා. වර්තමානයේ ජනතාව, පන්සල, පල්ලිය, කෝවිලට සම්බන්ධවීම වැඩි වෙනකොට, මහණ බමුණන්ගෙන් අවවදා අනුශාසනා ලබනකොට, අනාගතයේදී, රටේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය ශීඝ්‍ර වර්ධනයක්‌ වගේම, අධ්‍යාපනය කෙරෙහි ඇති තරගකාරිත්වය ද බොහෝ ම සංකීර්ණභාවයට පත්වීම අනිවාර්ය සිද්ධියක්‌ බවට පත්වෙනවා. මේවා ධර්මානුකූල හේතුඵල ධර්මයන්, ධර්මානුකූල හේතුඵල ධර්මයන් සමාජගත වෙනකොට, අපි දක්‍ෂ වෙන්න ඕනේ, ධර්මය තුළින් අධර්මය මතුකොට ගෙන, ධර්මය තුළින් ධර්මයන්ම මතුකොට ගන්න.

දරුවන්ගේ විභාග ජයග්‍රහණයන් උදෙසා , දෙමාපියන් නැකත්, ජ්‍යෙdතිෂ, යන්ත්‍ර මන්ත්‍ර, දේවාල වැනි අන්‍යශීලවෘතයන් දෙසට වේගයෙන් ඇදී යැමෙන් සිද්ධ වෙන්නේ දෙමාපියන් සතු මහා බ්‍රහ්මයා උතුම් රහතන්වහන්සේ කියන අර්ථය තුළින් දරුවන්ට සම්මා සැපයට මුල් පාඩම කියා දිය යුතු දෙමාපියන්. තමනුත් තම දරුවනුත් මිථ්‍යාදෘෂ්ඨිය කරා ගමන් කරන මාර දූතයන්, මාර දූතියන් වීම පමණක්‌මයි. තම දරුවාගේ තරග විභාගය සමත් කරන්න ශිල්පද දුර්වල කොට ගෙන, අකුසල් මූලයන් වඩමින්, වර්තමානයේ දෙමාපියන් ගමන් කරන්නේ, මගේ දරුවා විභාගයෙන් සමත් කරවන්න, මම නිරයට වුණත් යන්න සූදානම් ය කියන මාරපාක්‍ෂික ගමනක්‌ නේද? කල්‍යාණ මිත්‍ර ආශ්‍රයේ දුර්වලභාවයෙන්, උතුම් සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලභාවය හේතුවෙන් ඇති වන අදක්‍ෂභාවය නිසාමයි මෙවැනි ඵලයන් සමාජගත වෙන්නේ.

පිංවත් දෙමාපියන් බුදුරජාණන් වහන්සේ සරණකොටගෙන, මුල් කොටගෙන, විවේකීව සිතන්න. බුදුරජාණන් වහන්සේ ව දෙවැනි තැනට දමලා, දුක තුළ ජීවත් වෙන චරිතයක්‌ පූර්වාදර්ශයට ගන්න එපා. පිංවත් ඔබට මුලින්ම ලෞකික දුක තුනීකොට ගන්න අවශ්‍යනම්, දුකෙන් මිදුණා වූ උත්තමයෙකුගෙනුයි අවවාද, පූර්වාදර්ශයන් ගන්න ඕනේ. උතුම් ශ්‍රී සද්ධර්මය කෙරෙහි විශ්වාසයෙන්, ලොව්තුරු බුදුරජාණන්වහන්සේ දරුවන්ගේ ලෞකික සැපයට හේතුවන ආකාරයට දේශනාකොට ඇති ධර්මය කුමක්‌ද කියලා නුවණින් දකින්න. එතැනයි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවට මාර්ගය තිබෙන්නේ. එම මාර්ගය තුළයි ලෞකික සැපයේ සැබෑම අර්ථය තිබෙන්නේ. එතැනයි, පිංවත් දෙමාපියන් මහා බ්‍රහ්මයා කියන අර්ථයට රහතන් වහන්සේ කියන අර්ථයට සැබෑම වටිනාකමක්‌ දුන්නා වෙන්නේ.”

බුදුරජාණන් වහන්සේ දරුවන්ට මුලින්ම දේශනාකොට ඇත්තේ ශ්‍රද්ධාවවත්, ශීSලයවත් නොවේ. ශ්‍රද්ධාව ගැන, ශීලය ගැන සිතන්න. තේරුම් ගන්න පුංචි සිත්වලට, ටිකක්‌ ප්‍රමාද වෙන්න පුළුවන්. එම නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙමාපියන් දරුවන්ට මුලින්ම කියා දිය යුත්තේ, මෛත්‍රිය ගැනය කියලා. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ තරගකාරිත්වය තුළ හඹාගෙන යන මේ පිස්‌සු බලු ගමනේදී, දෙමාපියන්ගේත් දරුවන්ගේත් දුර්වලම ධර්මතාවය වෙලා තිබෙන්නෙත් මෛත්‍රිය කියන අර්ථයමයි. බුදුරජාණන් වහන්සේ අංක එකට දේශනා කරන මෛත්‍රිය අපි අන්තිමට දමාගෙන තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ අවවාදයන් දෙවැනි තැනට දමමින් මිච්ඡා සැපයන් සොයායන මිථ්‍යාදෘෂ්ටියට පාර පෙන්වන ගමනක්‌ සමාජය ගමන් කරනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ දරුවා, සම්මා සැපයේ හිමිකරුවෙක්‌ කරන්න අවශ්‍ය නම්, ඔබේ දරුවාට මෛත්‍රි ප්‍රගුණ කරවන්නය කියලා. තමා තමාට මෛත්‍රිය කරන්න ප්‍රගුණ කරන්න කියලා. පුතේ ඔයා පාන්දර නැගිටලා දත් මැදලා මුහුණ සෝදලා පාඩම් කරලා දෙමාපියන්ට බුද්ධවන්දනාවට මල්ටික කඩලා දීලා, අම්මා සමග වාඩිවෙලා ගාථා සඡ්Cධායනය කරලාá ඔයාගේ කාමරයේ පොත්පත් පිළිවෙළට තබා ගත්තාය කියන්නේ ඔයා ඔයාට මෛත්‍රිය වැඩුවාය වෙනවා. ඔයාගේ යහපත් ක්‍රියාවන් නිසා, අම්මා තාත්තා සතුටුවෙත්දී මහා බ්‍රහ්මයා සතුටු කිරීමේ, රහතන් වහන්සේනමක්‌a සතුටු කිරීමේ පින ඔයාට ලැබෙනවා. තමා තමාට මෙත්සිත වඩන දරුවා දෙමාපියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට අකීකරු වෙන්නේ නැහැ. පරිසරයට ආදරය කරන දරුවෙක්‌ වෙනවා. දරුවා තුළ වැඩෙන මෙත් සිත නිසාම, දරුවාට නිරතුරුවම මෛත්‍රියට අදාළ ආනිශංස එකොළහක්‌ ජීවිතයට එකතුවෙනවා. මෛත්‍රියට අදාළ සුන්දරම පළවැනි ආනිශංසය තමයි, මෛත්‍රිය ප්‍රගුණ කරන දරුවාට, දෙවියන්ගේ , මනුෂ්‍යයන්ගේ, අමනුෂ්‍යයන්ගේ ප්‍රියභාවය ආශිර්වාදය ලැබෙනකොට, එම දරුවා දෙවියන් සොයාගෙන දේවාල පස්‌සේ. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පස්‌සේ යන්න අවශ්‍ය නැහැ. මෛත්‍රිය ප්‍රගුණ කරන දරුවාට නිවසේදීම, දෙවියන් ආශිර්වාද කරනවා. දරුවාගේ අතින් අල්ලාගෙන චන්ද්‍ර, බුධ, සිකුරු, සොයාගෙන ජ්‍යෙdතිෂය පස්‌සේ යන්න අවශ්‍ය නැහැ. හිරුට, සඳුට, අධිගෘහිත සම්‍යක්‌දෘෂ්ටික දෙවිවරුන් දරුවාට නිවසේ සිටියදීම ආශිර්වාද කරනවා.

තරගකාරිත්වය නිසාම විභාගයට සූදානම් වන දරුවන්ට රාත්‍රි නින්ද යන්නේ නැහැ. රාත්‍රි සිහියෙන් බියවෙනවා. උදේට අවදිවෙන්නේ නැහැ. නමුත් පිංවත් දරුවන්ට දෙමාපියන් මෛත්‍රිය පුහුණු කරනවා නම්, දරුවා ලබන සුන්දර දෙවැනි මෛත්‍රියේ ආනිශංසය තමයි, දරුවා සුවසේ නිදාගන්නවා. සුවසේ ඇහැරෙනවා නපුරු සිහින දකින්නේ නැහැ. සුවසේ නිදාගන්න දරුවා, නපුරු සිහින නොදකින දරුවා, සුවසේ අවදිවෙන දරුවා, මුළු දවසම ප්‍රබෝධයෙන් ගතකරනවා. අධ්‍යාපන කටයුතු උදෙසා උදාසීනභාවයක්‌ දක්‌වන්නේ නැහැ. දරුවන් මෛත්‍රිය භාවනාව කිරීමෙන් ලැබෙන තවත් සුන්දර ආනිශංසයන් තමයි, එම දරුවාට නිරෝභිභාවය ප්‍රසන්න භාවය ලැබෙනවා. නිරෝගිභාවය නිසාම, අධ්‍යාපන කටයුතුවලදී කාලයෙන් හොඳ ප්‍රයෝජනයක්‌ ගන්න දරුවාට පුළුවන්. අධ්‍යාපන කටයුතු බාධාවන්ගෙන් තොරව සිදු කර ගැනීමට හැකියාව ලැබෙනවා. මෛත්‍රි භාවනාවෙන් ලැබෙන ප්‍රසන්න භාවය නිසාම හැම කෙනෙක්‌ම, ඔබට ප්‍රිය වෙනවා. ඔබ නොදන්න දෙයක්‌ ඔබට කරුණාවෙන් කියලා දෙනවා. මෛත්‍රිය පුහුණු කිරීමෙන් ලැබෙන තවත් සුන්දර ආනිශංසයක්‌ තමයි. වස විසෙන් ඔබට හැකි වෙන්නේ නැහැ. වස විසට වඩා, ගොඩාක්‌ භයානක නපුරු මනුෂ්‍යයෝ සමාජයේ ජීවත් වෙනවා. දරුවාගේ අධ්‍යාපනයට ඊර්ෂ්‍යා කරන, පිංවතුන් සිටිනවා. අධ්‍යාපනයට බාධා කරන්න උත්සාහ කරන පිංවතුන් සිටිනවා. මෙවැනි වස විස සහිත සිත් වලින්, පිංවත් දරුවන්ට වන හානිය, මෛත්‍රිය තුළින් නිෂේධකොට දමනවා. පිංවත් දෙමාපියන් සිතන්aනකෝ, බුදුරජාණන්වහන්සේ දරුවන් උදෙසා දේශනා කොට වදාළ, මෛත්‍රි ප්‍රගුණ කිරීමෙන් දරුවන්ට, මොන තරම් ශක්‌තියක්‌ ලැබෙනවාද කියලා. දෙමාපියන් දරුවන් අන්‍ය ශීල ව්‍රතයන්ට, මිත්‍යා-දෘෂ්ටිකභාවයන්ට ගොදුරු වෙන්නේ නැහැ. විභාගය ගැන සිතමින් බියෙන් ගැහෙමින් ජීවත්වීමෙන් රෝගීභාවයට පත් වෙන්නේ නැහැ. තරගකාරිත්වය නිසා වැඩෙන බලවත්ම අකුසල් මූලයන් වන ලෝහ, ද්වේශ, මෝහ අකුසල් රැස්‌වෙන්නේ නැහැ. වර්තමාන සමාජයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු උදෙසා වැයවෙන අධික මුදල් ප්‍රමාණය, සෙවීමට දෙමාපියන් බලවත් ආකාරයෙන්, අකුසල් මූලයන්, සිල්පද බිඳීම් සහ මිච්ඡා ආජීවයේ බරපතළ අකුසල් ජීවිතයට එකතුකොට ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දරුවන් උදෙසා සෑම අම්මා කෙනෙක්‌ම, තාත්තා කෙනෙක්‌ම සංසාරයේ මහා සාගරයේ ජලයට වඩා, කඳුළු හෙළා තිබෙනවාය කියලා. දරුවන් උදෙසා අකුසල් වඩලා, ශිල්පද දුර්වල කොටගෙන , මිච්ඡා ආජීවයේ යෙදිලා සතර අපායන්ට වැටිලා හෙළුවා වූ කඳුළු ගැනයි බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙන්නේ.

පිංවත් දෙමාපියන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය, ශ්‍රද්ධාව ඇතිකොටගෙන තම දරුවන්ව කුඩා කාලයේ පටන් මෛත්‍රි චිත්තය තුළ ශක්‌තිමත් කරන්න. එවිට එම දරුවාට මෛත්‍රියට අදාළ සුන්දර ආනිශංස ධර්මයන් එකොළහක්‌ ජීවිතයට එකතු වෙනවා. එවිට දරුවාගේ වර්තමාන පින කුසලය ශක්‌තිමත් වෙනවා. දරුවන්ට විපාකයට පැමිණීමට ඇති අතීත අකුසල් සංස්‌කාර යටපත්වෙලා යනවා. දෙමාපියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, සමාජයට කීකරු දරුවෙක්‌ හැටියට, අධ්‍යාපනය ලබලා, ගුණාත්මක දරුවෙක්‌ හැටියට, අනාගතයේ තම වයෝවෘද්ධ දෙමාපියන්ට අවංක භාවයෙන් ගරු කරන, උපස්‌ථාන කරන දරුවෙක්‌ බවට පත්වීමේ මාර්ගය මේ උතුම් මෛත්‍රි ධර්මයන් තුළ ගැබ්වෙලා තිබෙනවා. එම නිසා පිංවත් දෙමාපියනි, දරුවෙනි, තරගකාරීත්වය තුළ පොරකන අසුන්දර ලෝකයට, අකුසල් ලෝකයට, පෙරේත ලෝකයට, සුවපත්වේවා යෑයි ම සිතලා තමන් විවේකීව අනාගත ලෝකයේදී අධ්‍යාපනයේ ඇති වටිනාකම හොඳින් හඳුනාගෙන, දෙමාපියන්වත් අකුසලයෙන් බේරාගෙන හොඳින් අධ්‍යාපනය හදාරලා. විභාග සමත්වෙලා, ධර්මයේ සඳහන් වෙන බුදුරජාණන්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන උතුම් සම්මා සැපය සාක්‍ෂාත් කොට ගන්න දක්‍ෂ වෙන්න. ඒ උතුම් කර්තව්‍යය සඳහා මෛත්‍රියට වඩා සුදුසු ධර්මයක්‌ නම් භික්‍ෂුව දන්නේ නැහැ.

මෙය සටහන් තබන භික්‍ෂුව, තම භික්‍ෂු ජීවිතයට පුංචි හෝ යම් ගුණාත්මක භාවයක්‌ ලබා තිබෙනවා නම් එම ගුණාත්මක භාවයට අදාළ සංස්‌කාර ජීවිතයට එකතුකොට ගත්තේ මේ සුන්දර මෛත්‍රී සංඥවෙන්මයි. බුදුරජාණන්වහන්සේගෙන් පාර අසාගෙන, මෛත්‍රියෙන් ජීවිතය ජයගන්න භික්‍ෂුවක්‌ පිංවත් ඔබට මේ සටහන තබන්නේ. මේ උතුම් මෛත්‍රි මාර්ගයේ ගමන්කොට භික්‍ෂුවට කොතැනකදීවත් වැරදුණේ නැහැ. පිංවත් දරුවෙනි. දෙමව්පියනි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන්, මෛත්‍රියේ ආනිශංස එකොළහ කෙරෙහි විශ්වාසයෙන්, මේ උතුම් මෛත්‍රි මාර්ගයේ පෙරට එන්න. පිංවත් ඔබට මෙලොව පරලොව දෙකම වරදින්නේ නැති බව, භික්‍ෂුවට හොඳටම විශ්වාසයි. මෛත්‍රි චිත්තය තුළ, ශ්‍රද්ධාවත්, ශීලයත්, ත්‍යාගයත්, ජයග්‍රහණයත් ලෞකික සැපයත්, සුන්දරව මුහුවෙලා තිබෙනවා. ඒ නිසාමයි ලෝකයේ සැපයට, අදාළ ඉහළම ධර්මතාවය, මෛත්‍රිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙන්නේ.

රාජගිරියේ අරියඥන හිමි

එඩ්වඩ්ට “කැරකෙන රෝදේ” ලියු ලංගම බස් කොන්දොස්‌තර

“කැරකෙන රෝදේ පුංචි කරත්තේ ඉඳගෙන මම යන්නේ…. “පදික වේදිකා පසුකර යන්නට තල්ලු කරන් පුතුනේ…”

මෙම ගීතය ගායනා කළ විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා එදා රසිකයන් අතරට පැමිණ මහ ප්‍රසිද්ධියක්‌ ලබාගත්තේ ඉහත ගීතය නිර්මාණකරුගේ සහජ හැකියාව නිසාය.කැරකෙන රෝදේ පුංචි කරත්තේ ගීතය නිර්මාණය කළ සිරිල් සමරකෝන් නම් රජරට කලාකරුවා සොයා අපි ඔහු පදිංචි කැකිරාව, අලගොල්ලෑව නම් වූ රිටිගල කඳු පාමුල සුන්දර ගම් පියසට ගියෙමු.

සිරිල් සමරකෝන් මහතා…. “ආයුබෝවන් ….” එන්න අපේ මහත්තයා… යෑයි මුව පුරා සිනාසෙමින් ඉතා ආදරයෙන් පිළිගත්තේය.ඉතිං සිරිල් මහත්තයා ඔබ දැන් විශ්‍රාම සුවයෙන්… ළඟදි ගීත එහෙම ලිව්වේ නැද්ද?”අපොයි මම නිහඬ නැහැ. මා සංගීතවත් කළ ගීත දාසයක්‌ මා සතුව දැන් තිබෙනවා.ඔබ මුලින්ම ගීත රචනා කළේ…

“මම මුලින්ම ගීත රචනා කළේ හැත්තෑව දශකයේ. ඒ කාලේ මම රචනා කළ ගීත රජරට ගුවන් විදුලියේ බොහොම ප්‍රසිද්ධ වුණා. ඒ වගේම මම පාසල් ගිය අවධියේ අලගොල්ලෑව විද්‍යාලයේ වේදිකා නාට්‍ය කළා. පසුව සංචාරක වේදිකා නාට්‍ය අදටත් මම පාසල්වල කරනවා.

ඔබ දැන් විශ්‍රාමිකයි. ඔබ සේවය කළේ?
“මම ලංගම සේවකයෙක්‌. මුලින්ම ලංගම කොන්දොස්‌තර. ඊළඟට ඩිපෝ පරීක්‍ෂක. පසුව විධායක නිලධාරියෙක්‌ ලෙස අනුරාධපුර ඩිපෝවෙන් විශ්‍රාම ගියා. ඔබ කැරකෙන රෝදේ සිංදුව රචනා කළේ….?
මේ ගීතයට පෙර මම තව ගීත රචනා කළා. ගීත රචනා බැංකුවෙන් එඩ්වඩ් ජයකොඩි මහතා මේ ගීතය තෝරගත්තා.

ඔබ මේ ගීතයෙන් අදහස්‌ කළේ….?
“මම මුලින්ම හැත්තෑව දශකයේ කොන්දොස්‌තර ලෙස සේවය කළේ මොරටුව ඩිපෝවේ. ඒ කාලේ නිතර නිතර පදික වේදිකාවේ දුටු දර්ශනයක්‌ මම මේ ගීතයට ඇතුළත් කළා.

තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ 2013 සාහිත්‍ය උත්සවයේදී ඔබ ගීත රචනයට සහ කෙටි කතාවලට පළමු ස්‌ථානය දිනාගත්තා.

“ඔව් මම පළමුවැනියා වුණා. ඊට පෙරත් මා තමයි, පළමුවැනියා වන්නේ. අලුත් ගීත සීයක්‌ විතර ලියපු පොතක්‌ මම ළඟ තිබුණත් ඒවා ප්‍රසිද්ධ කරගන්න මට මූල්‍ය ශක්‌තියක්‌ නැහැ. රචනා කළ කෙටිකතා දාසයක්‌ මා ළඟ තිබෙනවා. ඊට අමතරව මම 2500 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් “මට මගේ අම්මා වගේ” ගීතය ඇතුළත් කැසට්‌ පටයක්‌ කළා.

සිරිල් සමරකෝන් මහතාගේ ගීත නිර්මාණයක්‌ අ.පො.ස. සා.පෙළ සිංහල භාෂාව හා සාහිත්‍ය පොත සඳහා ද ඇතුළත් කර ඇත. එහි මෙසේ සඳහන් වේ.
අඹර කුරක්‌කන් කලුවේ
ගලවට පිටි කොයි කලුවේ
කර කර කර කර කර කර
දෑතට ගත සවිය පුදා…..

ගල්ලැහැ පැදුරේ ඉඳගෙන
පහන් දැල්ල නිවෙන තුරා
මැදියම් රෑ මං උන්නා
කර කර කර කර කර කර….

පංකා සිහිලැල් පවනේ
ඉසුරු පිරුණු මාදිනියේ
කුරහන් ගල ගොළු වී ඇත
නුඹෙ ගී හඬ කෙඳිරිල්ලක..
මා සනසයි අම්මේ·

සිරිල් සමරකෝන් නම් වූ මේ ගීත රචකයා ස්‌වකීය මෑණියන්ගේ ගුණ සමුදාය නිර්මාණය කරන්නේ යථාර්ථවත් රීතියකිනි. එබැවින් එහි ඇති හෘදයාංගම බව හේතු කොටගෙන අප ළය කම්පා වෙයි. සිත් සතන් සනහාලයි.”ගීතයේ අභිමානවත් ගමන් මඟ” නම් වූ පාඩමට ඉහත ගීතයේ කොටසක්‌ එසේ ඇතුළත් කර තිබේ.කුසලතා රැසකින් හෙබි සිරිල් සමරකෝන් මහතා වෙළෙඳ සේවයේ බී ශ්‍රේණිය යටතේත් ස්‌වදේශීය සේවයේ සරල ගී පරීක්‍ෂණයේදී සී ශ්‍රේණියට තේරී පත්ව ඇත.

කැකිරාව – සුදත් ඒකනායක

හැමෝම දන්න පිටකොටුවේ බෝධියේ නොදන්න කතාව

පිටකොටුව ශ්‍රී ලංගම බස්‌ නැවතුම්පල අසල පිහිටි බෝධීන් වහන්සේ වසර 191 ක්‌ පැරැණි ඉතිහාසයක්‌ ඇති ස්‌ථානයකි. හාස්‌කම් ඇතැයි පැවසෙන මෙම බෝධීන් වහන්සේට වන්දනාමාන කර ගිය කෙනකු දියුණුවේ හිනි පෙත්තටම ළඟා වන බවද පැවැසේ. වර්තමානයේ මෙම පිටකොටුව ඓතිහාසික බෝධීන් වහන්සේ රැකබලා ගන්නේ පිටකොටුව එක්‌සත් බෝධිරාජ සමිතිය මගිනි. මෙම සමිතිය බෝධීන් වහන්සේ රැකබලා ගන්නවාට අමතරව විශාල සමාජ සද්කාර්යයන් රැසක්‌ද ඉටු කරනු ලබති. එම සමිතියේ වත්මන් ලේකම් ඡේ. පී. සමරසිංහ මහතා සිය හඬ අවදි කරමින් මෙසේ පැවැසීය.

“මේ බෝධීන් වහන්සේ ගැන කියනවා නම් එයට ඉපැරණි ඉතිහාසයක්‌ තිබෙනවා. අද මේ බෝධීන් වහන්සේ වැඩ සිටින ස්‌ථානය පිහිටි මාර්ගයේ එදා බේරේ වැව හා මුහුද යා කෙරෙන ඇළ මාර්ගයක්‌ තිබුණා. ඒ දවස්‌වල මේ ඇළේ විශාල කිඹුලන්ද ඉඳලා තිබෙනවා. පසුව කාලයාගේ ඇවෑමෙන් ඒ කියන්නේ 1815 න් පසු මේ ඇළ මාර්ගය වසා දැමුවා. පසුව ඒ වසා දැමූ ඇළ මාර්ගය දිගටම ගස්‌ සිටුවනු ලැබූවා.”

” එදා සිටි නාට්‌ටාමිවරයෙක්‌ හා රික්‌ෂෝකරුවෙක්‌ බේරේ වැව ආසන්නයේ තිබූ බෝ පැළයක්‌ ගලවා ගෙනැවිත් එම බෝධීන් වහන්සේ දැන් තිබෙන ස්‌ථානයේ රෝපණය කළා. මේ බෝධීන් වහන්සේ ක්‍රම ක්‍රමයෙන් ලොකු වෙනකොට බොහෝ දෙනා මේ බෝ ගහේ හරක්‌ බඳින්න පටන් ගත්තා.”

” එදා සුදු මහත්වරුන් ඇළ මාර්ගය දිගට ගස්‌ සිටු වූ නිලධාරී මහත්වරුන්ගෙන් ඇහුවා, මිනිස්‌සු මොකද මේ ගසට වඳින්නේ කියලා. එහි දී මේ රටේ නිලධාරි මහත්වරුන් සුදු මහත්වරුන්ට කිව්වා, ඒක බෞද්ධයන් වන්දනාමාන කරන බෝගහ කියලා. ඊට පසු සුදු මහත්වරුන් 1841 දී ඒ ගස කපන්න ආයුධ අරන් ආවා. ඒ බෝ ගස කපන්න ආපු වෙලාවේ කරත්තකාරයෝ, නාට්‌ටාමිලා මේ සියලු දෙනා සමග මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියනුත් මේ ගස කපන්න ඉඩ නොදී එතැනට රැස්‌වුණා. එනම් උන්වහන්සේ බෝධීන් වහන්සේ යට වැතිරී නිර්භීතව කිව්වා, මේ බෝධි වෘක්‍ෂය කපන්න ඕන නම් මාව මරලා කපපල්ලා කියලා. පසුව සුදු මහත්වරුන් ඒ කාර්යය අත්හැර දමා ගියා.”

” පසුව මේ ප්‍රදේශයේ සිටි චණ්‌ඩි, සිංහල ව්‍යාපාරිකයෝ, නාට්‌ටාමිලා එකතු වෙලා මේ බෝ පැළය ආරක්‍ෂා කරන්න කටයුතු කළා. ඒ වගේම ගල් බැම්මක්‌ දාලා වන්දනාමාන කළා. “”1938 දී නැවතත් සුද්දෝ මේ බෝධීන් වහන්සේ කපන්න ආවා. එතකොට මේ බෝධීන් වහන්සේ වැඩ සිටි හංදියේ යාපනයෙන් ඇවිත් සුරුට්‌ටු ව්‍යාපාරයක්‌ කරගෙන ගිය තරුණයෙක්‌ හිටියා. ඔහු ඒ අතරේම එම ස්‌ථානයේ ප්‍රවීණ කවීන්ගේ කවි පොත් අච්චු ගහන්න පටන් ගත්තා. ඒ කාලයේ මීමන ප්‍රේමතිලක, සාගර පලන්සූරිය, පී. බී. අල්විස්‌ පෙරේරා වැනි කවීන්ගේ පොත් එකතු කර අච්චු ගැහුවා. ඒ සුරුට්‌ටු ව්‍යාපාරිකයා මේ බෝධීන් වහන්සේට ඉතා ආදරයෙන් ගෞරවයෙන් පුද සත්කාර කටයුතු කළා.”

දෙවැනි වරට සුදු මහත්වරුන් මේ බෝගහ කපන්න ආපු වෙලාවේ මේ සුරුට්‌ටු ව්‍යාපාරිකයා ඉදිරියට පැන මේ වැඩේ වැළැකුවා. ඒ විතරක්‌ නෙවෙයි, චණ්‌ඩින් ද පැන්නා. සුදු මහත්වරු යළිත් මේ කාර්යය නවතා යන්න ගියා. මේ සුරුට්‌ටු ව්‍යාපාරිකයා හින්දු ආගමේ වුණාට බුද්ධාගමට ලැදි කෙනෙක්‌”

” පසුව මේ බෝධීන් වහන්සේ ළඟ සුළුවෙන් කාමරයක්‌ හදලා බුද්ධ රූපයක්‌ තබලා පහන් තබලා වන්දනාමාන කරන්න පටන් ගත්තා. පසුව ඒ ස්‌ථානයට විදුලිය ද ගත්තා. මේ ස්‌ථානයට බෞද්ධයන් දමා යන මුදල් මෙතන සිටි අය ඕන ඕන විදිහට පරිහරණය කළා. මේ නිසා හය මාසයක විදුලි බිල වූ රුපියල් 215 ක්‌ ගෙවා ගන්න නැති නිසා විදුලිබල මණ්‌ඩලය විදුලිය අත්හිටෙව්වා. පසුව සුරුට්‌ටු මුදලාලි එහි විදුලි බිල ගෙවා තීරණයක්‌ ගත්තා, සමිතියක්‌ ගොඩනඟා මේ බෝධීන් වහන්සේගේ ස්‌ථානය පාලනය කරන්න.”

” ඒ අනුව 1958 දී පිටකොටුව එක්‌සත් බෝධිරාජ සමිතිය නමින් එය පිහිටුවා ගත්තා. එදා සමිතියේ මුල්ම සභාපති වුණේ වරායේ සේවය කළ සේවකයකු වූ එන්. යූ. ගුණසේකර මහතා. එතකොට ලේකම් වුණේ විලියම් සිල්වා මහතා. භාණ්‌ඩාගාරික ලෙස සුරුට්‌ටු මුදලාලි වන සින්නදොරේ මුදලාලි තේරී පත් වී තිබෙනවා.

” ඉන්පසු සින්නදොරේ මුදලාලි ඉවත් කර භාණ්‌ඩාගාරික ලෙස එන්. ඩබ්. රත්නපාල මහතා පත්වුණා. මෙම සමිතියේ දෙවැනි සභාපතිවරයා ලෙස යූ. ඩබ්. සුමතිපාල මහතා පත් කරගත්තා.”” ඉන්පසුව ඊ. ඩී. ඒ. පෙරේරා, පී, නවරත්න, යන මහත්වරුන් සභාපතිවරුන් ලෙස පත්වුණා.”දැනට මේ සමිතියේ සාමාජිකයන් තිස්‌පස්‌දෙනෙක්‌ ඉන්නවා. මේ ඔක්‌කොම ව්‍යාපාරිකයෝ.”

“පිටකොටුව බෝධීන් වහන්සේ අවට සිංහල බෞද්ධයන් ඉන්නේ සියයට දහතුනක්‌ විතරයි. පිටකොටුවේ බෞද්ධකම රැකිලා තිබෙන්නේ මේ ඓතිහාසික බෝධීන් වහන්සේ නිසා. සතරදිග් භාගයෙන් පිටකොටුව නගරයට කෙනෙක්‌ ඇවිත් බැස්‌සොත් මුලින්ම දකින්න ලැබෙන්නේ පිටකොටුවෙ මේ බෝධිරාජ විහාරය.”

මේ ස්‌ථානය පුදුම හාස්‌කම් ඇති ස්‌ථානයක්‌. එදා මෙතනට ආර්. ප්‍රේමදාස මහත්තයා අගමැති වෙලා ඉන්න කොට ආවා. එතුමා එදා මේ බෝධිරාජ විහාරය දියුණු කිරීමට ආධාර උපකාර කළා. එතුමා රටේ ජනාධිපති වුණා.”” ඒ වගේම 2000 දී මහින්ද රාජපක්‍ෂ මහත්තයා ආවා. ඒ වගේම එතුමා ජනාධිපති වුණා.”

“එසේම රටේ බොහෝ දේශපාලනඥයන් උපවාස කරන්න එන්නෙත් මේ බෝධීන් වහන්සේ අසලට.”” 1988 දී මේ ස්‌ථානයේ විශාල බෝම්බයක්‌ පුපුරා ගියා. එහිදී විශාල පිරිසක්‌ මියගියා. නමුත් මේ බෝධීන් වහන්සේට කිසිම දෙයක්‌ වුණේ නැහැ. මෙතන හාස්‌කම් තිබෙනවා කිව්වේ ඒකයි.”

“පිටකොටුව බස්‌ නැවතුම්පළේ තමන්ට අවශ්‍ය බස්‌ රථය එනතෙක්‌ විවේකී සුවයෙන් ඉන්න, බණ භාවනා කරන්න, ස්‌නානය කරන්න භික්‌ෂුන් වහන්සේලාට මෙහි ඉඩකඩ තිබෙනවා. ඒ වගේම අපි උන්වහන්සේලාට දානයත් පූජා කරනවා.

” මේ විහාරය වටා දමාගෙන හිටපු අනවසර වෙළෙඳ සල් සියල්ලක්‌ම ඉවත් කර වෙනත් ස්‌ථාන ලබාදුන්නා. දැන් යළිත් අනවසර වෙළෙඳ සල් මේ විහාරස්‌ථානය වටා දාගෙන. මේවා මේ විහාරයට අවහිරයක්‌. ඒ වගේම අප්‍රසන්න බවක්‌ ගෙනෙනවා. මේ ගැන වගකිවයුත්තන් යළිත් සලකා බලනවා නම් හොඳයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්