ලෝ පූජිත නළු චක්‌ නොරිස්‌ සිනමා දිවියෙන් සමුගනියි

‍ය්ලෝක පුජිත හොලිවුඩ් නළු චක්‌ නොරිස්‌ සිය චිත්‍රපට දිවියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර ඇත. ඊට හේතුවී ඇත්තේ සිය බිරිය වූ ජෙනාට එම්.ආර්.අයි. ස්‌කෑන් පරීක්‍ෂණයේ දී වසක්‌ ශරීරගත වීම නිසා දුබල තත්ත්වයකට පත්වීමය.

මෙම එම්.ආර්.අයි. ස්‌කෑන් පරීක්‍ෂණයේ දී සිදුවූ වැරැද්දට හේතුවී ඇත්තේ ජෙනාට එන්නතක්‌ ලබාදීමයි. එම එන්නත විෂවී ඇතැයි චක්‌නොරිස්‌ චෝදනා කර ඇත.

තමා චිත්‍රපට දිවියෙන් සමුගෙන බිරිය බලා ගන්නා බව චක්‌ නොරිස්‌ ප්‍රකාශ කර තිබේ. මෙම එන්නතේ ගැඩෝලිනියම් අඩංගු බව වාර්තා වේ. ලොව පුරා මිලියන 60 ක්‌ එම්.ආර්¾අයි. ස්‌කෑන් පරීක්‍ෂණය කරගන්නා බව ජගත් සෞඛ්‍ය සංවිධානය කියා සිටී.