හැබැහින් නොදුටු ෆේස්බුක් පෙම්වතාගේ ආදර කතාව පිටු 6 ක් පුරාවට ලියා වරකාපොල ප්‍රභා ජීවන ගමනට සමුදෙයි

ෆේස්බුක් මගින් ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන කලකිරීමට පත් තරුණියක පසුගිය (14) දා නිවසේ කාමරයක ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් තිබුණේ වරකාපොල තෝලංගමුවේ පදිංචිව සිටි ප්‍රභා මල්ලිකා සේනාරත්න නැමැති 28 හැවිරිදි තරුණියක්.

මෙම තරුණියගේ පියා මසකට ආසන්න කාලයක සිට හෘදයාබාධයක් සම්බන්ධයෙන් වරකාපොල රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇගේ එකම වැඩිමහල් සහෝදරිය මීට වසර 6 කට පමණ පෙර අලව්වේ තරුණයෙකු සමග විවාහ වී අලව්වේ පදිංචිව සිටින තිබෙනවා.නිවසේ සිට ඇත්තේ මියගිය තරුණිය සහ ඇගේ මව පමණයි.

ගෙල වැලලාගෙන මියගිය තරුණිය වසර දෙකකට ආසන්න කාලයක් ෆේස්බුක් ඔස්සේ හඳුනාගත් තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබුණු අතර එම තරුණයා සමග එකම දිනක් හෝ හමුවී කතා කර තිබුණේ නැහැ.වසර දෙකක ප්‍රේම සම්බන්ධතාවකින් කලකිරුණු මෙම තරුණිය අභ්‍යාස පොතක පිටු 6 ක සිය ආදර කතාව පිළිබඳ දීර්ඝ ලිපියක් ලියා තබා ගෙල වැලලාගෙන තිබුණා.

Please follow and like us:
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *