සෙල්ෆි ගසමින් ආදීවාසී මධුව අමානුෂික ලෙස ඝාතනය කරන වීඩියෝව

මිනිස්සු කියන්නේ ලෝකයේ ඉන්න භයානකම සත්ව ජාතිය. ගල් යුගයේ සිට සත්තු මරාගෙන කෑ ඔව්න්ගේ ඇත්ත ස්වරූපය මුළු සමාජයෙන්ම වසන් කරන්නේ මුහුණට ගන්න එක හිනාවකින්, එහෙමත් නැත්නම් එක වචනයකින්. රන්ජන් කියනවා වගේ එක තමයි තිත්ත ඇත්ත. ලෝකයේ නිතිය පිහිටුවා මෙම සත්ව ගති මිනිස්සු තුලම හිර කරන්නේ කවමදාවත් මෙම ගති නැති කරන්න බැරි බවට මිනිසාම තේරුම් ගත් නිසාමයි.

රටක ජනතාව ශිෂ්ට සම්පන්න ජනතාවක් කිරීමට එරට රජය විශේෂ වැඩ කටයුතු කරනවා. අධ්‍යාපනය, උද්‍යාන, වෙළඳ සංකීර්ණ වැනි දේවල් වලින් මිනිසා තුල තිබෙන සත්ව ගති වැළලී යන්නේ මනස ආශ්වාදය සදහා යොමුවන නිසාම විය හැක.

ඉන්දියාවේ කේරලය කියන්නේ මෙන්න මේ සත්ව ගති වැඩිපුර දක්නට ලැබෙන ප්‍රදේශයක්. අන්තර්ජාල තිබුනත් ඔවුන් එය ශිෂ්ට සම්පන්න සමාජයක් බිහිකිරීමට යොදා ගන්නවා වෙනුවට තමන් විසින් කරන අමානුෂික ක්‍රියාවන් ලොවට පෙන්විමන්ට භාවිතා කරනන් පටන්ගෙන. අද අන්තර්ජාලට එක්කොට තිබුනේ වයස 27ක් වූ ආදිවාසී තරුණයෙක් බඩගින්නට කල සහල් සොරකමක් වෙනුවෙන් අමානුෂික ලෙස පහරදී මරාදමන අවස්ථාවක්. මෙම වීඩියෝව අන්තරජාලයේ viral වීඩියෝවක් වශයෙන් හෝමාරු වන්නේ මුළු මහත් ලෝකයාගේම පිළිකුලට ලක්වෙමින්.

කේරල ප්‍රාන්ත රජය මෙම අමානුෂික ක්‍රියාවට සහභාගිවූවන් සියල්ල අත්අඩංගුවට ගෙන නිතිය හමුවට පමුණුවා තිබෙනවා. මෙම වීඩියෝව අන්තරජාලයේ හෝමාරු වීමත් සමග ඉන්දියානු මධ්‍යම රජයට එල්ලවන බලපෑම් විශාල වශයෙන් වැඩි වී තිබෙන බවටයි වාර්තා වන්නේ.

Please follow and like us:
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *