තරුණ මන්ත්‍රීවරුන්ට තැන අහිමි වෙද්දී තරුණ කටයුතු රාජ්‍ය ඇමතිකම අවුරුදු 69 යේ පියසේන ගමගේට…

මෙවර කැබිනට් සංශෝදයේදී තරුණ දේශපාලඥයින් හට ප්‍රභල අමාත්‍යංශ ලබා දෙන බවට එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පසුගියදා සඳහන් කර තිබුණා. ඒ අනුව හරීන් ප්‍රනාන්දු,ලකී ජයවර්ධන,සුජීව සේනසිංහ,බුද්ධික පතිරණ යන අයගේද නම් යෝජනා කර තිබූ බවයි වාර්තා වුනේ.කෙසේ වෙතත් අද සිදුවූ නව කැබිනට් සංශෝදනයේදී බලාපොරොත්තු වූ ලෙස තරුණ මන්ත්‍රීවරුන්ට එවැනි අවස්තාවක් නොලැබීම කැපී පෙනුනා.

එසේම නව නව කැබිනට් සංශෝධනයට අනුව යෞවන කටයුතු සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය හිමිවුනේ පියසේන ගමගේ අමාත්‍යවරයා වෙතයි. 1949 ජනවාරි මස 10 වන දින උපත ලැබූ පියසේන ගමගේ අමාත්‍යවරයා මේ වන විට 69 වන වියේ පසුවන අතර පියසේන ගමගේ අමාත්‍යවරයාට තරුණ කටයුතු අමාත්‍ය ධූරය ලැබීම සමාජ ජාලා තුල මෙන්ම බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා

Please follow and like us:
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *