ප්‍රභාකරන්ගේ බැනර් , කොටි පෝස්ටර් හැමතැනම” ‌උතුරේ ජයටම අද කොටි මහවිරු දිනය සමරයි – තවමත් අල්ලන්න බැරි වූ කොටි නායකයා ඉන්දියාවේ සිට කොළිනොච්චියට

අද දිනට (27) යෙදී තිබෙන එල්.ටී.ටී.ඊ. මහවිරු දිනය සැමරීමට උතුරු පළාතේ බොහෝ ස්ථාන සුදානමින් තිබෙන බව මුද්‍රිත මාධ්‍ය වාර්තා කරනවා.
එම පළාතේ ප්‍රදේශ වල කොටි සැරසිලි, බැනර්, තොරණ හා පෝස්ටර් පවා යොදමින් , එල්.ටී.ටී.ඊ සැරසිලි යොදා එළිපිටම මහවිරු දිනය සැමරීමේ කටයුතු සුදානම් ක‍රමින් තිබෙන බවද එම වාර්තා වැඩි දුරටත් දක්වනවා.

කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල මෙම සැමරීම හඳුන්වන්නේ ජාතික මහවිරු දිනය ලෙස බවත් සදහන්.

උතුරු පළාත තුළ ප්‍රථමයෙන්ම මෙම සැරසිලි සිදු කරන විට ආරක්‍ෂක අංශ කියා තිබුනේ එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් නිසා ප්‍රසිද්ධ ස්ථානවල කිසිදු සැමරීමකට ඉඩක් ලබා නොදෙන බවයි.

කෙසේ වෙතත් යාපනයේ වඩමාරච්චි ඇතුළු ප්‍රදේශ ගණනාවක ප්‍රභාකරන්ගේ ඡායාරූපද ඇතුළත්ව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ලාංඡන පවා අලවා ඇතත් ආරක්‍ෂක අංශ ඒ පිරිස්වලට එරෙහිව මෙතෙක් නීතිමය පියවර ගෙන නොමැති බව මුද්‍රිත මාධ්‍ය වාර්තා පවසනවා.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් සහභාගි වන මහවිරු උළෙලක් කිලිනොච්චියේ කනකපුරම් හා මුලංගාවිල් යන ප්‍රදේශවල සංවිධානය කොට ඇති අතර එම උළෙලවලට සහභාගි වන එල්.ටී.ටී.ඊ. මහවිරු පවුල්වල උදවියට බෙදා දීම පිණිස වේට්ටි දහසක් මැසීමේ කටයුතු මේ දිනවල කිලිනොච්චියේ ස්ථාන දෙකක සිදුවෙමින් පවතින බවත් සදහන්.

තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබල නායකයකුද මහවිරු දිනය සැමරීමට කිලිනොච්චියට නියමිතව ඇති අතර ඔහු මේ වන විට ඉන්දියාවේ සිට කිලිනොච්චියට පැමිණ සිටින අතර ඔහුට ආරක්‍ෂාව සපයා දෙනු ලබන්නේ ද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරයකු විසින් යැයිද කොටි සැමරුම පිළිබදව වැඩිදුරටත් වාර්තා කරන මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබුණි.

මුලතිව් කොටි සුසාන භූමියේද මහවිරු සැමරුමට සැරසිලි සිදුකරන අතර එහි පිවිසුම් ‍දොරටුව නිර්මාණය කොට ඇති තොරණේ යොදා ඇත්තේද කොටි මහවිරු දිනය යනුවෙන් බවද සදහන්. මේ සදහා එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් භාවිත කරන ලද පුෂ්පය වූ නියඟලා මල ද යොදා ගෙන තිබීම විශේෂත්වයකි..

උතුරු පළාත් ප්‍රධාන මහවිරු සැමරුම් වැඩසටහන දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සිවඥානම් ශ්‍රීධරන් මන්ත්‍රිවරයා විසින් පැවැත්වීමට නියමිත බව සදහන්.

මේ අතර යාපනය විශ්වවිද්‍යාලය තුළත් ඒ අවට පෝස්ටර් හා බැනර් ද සැරසිලි විශාල ප්‍රමාණයක් යොදා ඇති අතර පෝස්ටර්වලින් දන්වා ඇත්තේ මහ ඉහළින් මහවිරු දිනය සැමරීමට දෙමළ ජනතාව එක්වී සහයෝගය දෙන ලෙසයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය තවමත් ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධානයක් බැවින් ඊට අනුබල දෙන අන්දමේ පෝස්ටර් බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් හා නීති විරෝධී වුවත් පොලිසිය මාධ්‍යයට පවසා තිබුනේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ හා නායකයන්ගේ නිල ඇඳුම් සහිත බැනර් පෝස්ටර් කිසිවක් මෙතෙක් යාපනයේ දක්නට නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published.