පිටරටක ඉඳන් ලංකාවෙම ඇස් ඇරපු බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු දිවයිනට එයි

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මිට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා.

නිදහස් දිනය දා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසකට ගෙළ පෙන්වා සංඥාවක් කිරීමේ සිද්ධිය හේතුවෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු පිළිබඳව කතා බහක් ඇති වුණා.

පසුව ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටවනු ලැබූ බව විදේශ අමාත්‍යාංශ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කලත් පසුව ජනාධිපතිවරයාගේ නියෝගය මත ඔහු යලි එම රාජකාරිවල පිහිටුවනු ලැබුවා.