දේශපාලනරනිල් අගමැතිකමෙන් ඉවතට – ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එකතු වෙයි

ඒකාබද්ධ විපක්ෂයේ සහය ඇතිව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බහුතර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් පවතින බව වාර්තා වේ.

නව ශ්‍රීලනිප ආණ්ඩුවේ අගමැති තනතුරට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා යෝජනා වී තිබේ.

නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබන සිකුරාදා (16 වැනිදා) තමන්ගේ බහුතරය පෙන්වීමට සූදානම් වන බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

මේ වන විට ශ්‍රීලනිල ජ්‍යෙෂ්ඨයෝ බහුතරය එක්රැස්කරගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටිති.

නව ආණ්ඩුව පිහිටුවීමේදී ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවේ තනතුරු වගකීම් භාර නොගෙන සහය දැක්වීමට එකඟතාව පලවී ඇතැයිද දේශපාලන ආරංච් මාර්ග කියයි.

ආණ්ඩුව සමඟ සිටින ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 42 දෙනාගේත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 52 දෙනාගේ සහ එජාපයේ හා හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගේත් සහය ඇතිව මෙම නව ආණ්ඩුව පිහිටුවීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ .

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (14) රාත්‍රීයේ කොළඹ 07 මහගමසේකර මාවතේ නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයිද දේශපාලන ආරංච් මාර්ග කියයි.

රට තුළ උද්ගතව ඇති දේශපාලන අර්බුදය හා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනිද්දා (16) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් අනිද්දා (16) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන අතර ජනාධිපතිවරයා එහිදී මෙම ප්‍රකාශය කරනු ඇත.

ඉකුත්දා පැවති පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය දරුණු පරාජයකට ලක් වීමත් සමඟ ආණ්ඩුවේ ගමන පිළිබඳව මේ වනවිට අර්බුදකාරී තත්ත්වයක්ද පැන නැගී තිබේ

Please follow and like us:
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *