බංග්ලාදේශ පිතිකරුවන් අසරණ කළ ශ්‍රී ලංකාවට ජය – රංගන හේරත් ලෝකෙට ලොක්කා වෙමින් වාර්තාවකුත් තබයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය මීට සුලු මොහොතකට කලින් අවසන් වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 25ක ජය හිමි කර දෙමින් .
ඒ තරග දෙකකින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි කර දෙමින්,

තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ ජය සදහා ලකුණු 338ක ජයක් හඹා ගියා. කෙසේ වෙත්ත් දෙවන ඉනිම සදහා ඔවුන්ට ලබා ගත හැකි වුයේ සියලූම දෙනා දැවී ලකුණු 123ක් පමණි. මෙහිදි සිය මංගල ඉනිම ක්‍රීඩා කළ අකිල ධණංජය කඩුලු පහක් දවා ගැනීම විශේෂය.

මේ අතර වමත් දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් කඩුලු හතරක් දවා ගත් අතර , ඔහු වාර්තාවක්ද පිහිටුවීමට සමත් වුණා. ඒ වමත් පන්දු යවන්නෙක් ලබා ගෙන තිබෙන වැඩිම කඩුලු ගණනේ වාර්තාවයි. මින් පෙර ටෙස්ට් කඩුලු 414ක් ලබා පාකිස්තානයේ වසීම් අක්‍රම් තබා තිබු වාර්තාවයි රංගන හේරත් බිද දැමුවේ. රංගන හේරත් ටෙස්ට් කඩුලු 415ක් ලබා ගෙන සිටිනවා.

Leave a Reply

Your email address will not be published.