මැතිවරණ රාජකාරි සඳහා ගිය රථයක් පෙරළෙයි (PHOTOS) මාධව කුලසූරිය

මැතිවරණ රාජකාරි සඳහා නිළධාරීන් රැගෙන ගිය වාහනයක් අද (10) උදෑසන අනතුරකට ලක්වීමෙන් පෙරළී ගොස් තිබෙනවා.

මුලතිව් මාන්කුලම ප්‍රධාන මාර්ගයේදී මෙම රථය පෙරළී යෑමෙන් සිදු වූ අනතුරෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මුලතිව් පොලිසිය පැවසූවේ මෙම පිරිස මුලතිව් මැතිවරණ රාජකාරි සඳහා යමින් සිට ඇති බවයි.තුවාල ලබා ඇත්තේ ඡන්ද මධ්‍යස්ථාන නිරීක්ෂණ නිළධාරියෙක් සහ පොලිස් නිළධාරීන් දෙදෙනෙක්.අධික වේගයෙන් ධාවනය වී ඇති රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළි ඇති බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.

Please follow and like us:
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *