මේ දේවල් ඇස්පනාපිට දැක දැක තවත් නිහඩව ඉමුද – මේ කාලකණ්ණි පාපතරයින්ට දෙන්න ඕන දඩුවම ඔයාලම තීරණය කරන්න

කළුතර දොඩම්ගොඩ ප්‍රදේශවාසීන් සහ කිරිගොවීන් පිරිසක් ඊයේ (29) පෙරවරුවේ මතුගම-කළුතර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත විය.

ඒ කිසියම් පිරිසක් විසින් සිදු කරගෙන යන ප්‍රදේශයේ ගව ඝාතනය ට එරෙහිව කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නැයි පොලීසියට බලකරමින්.

කළුතර දොඩම්ගොඩ ප්‍රදේශයේ ගවගාලක රඳවා සිටි මීගවයින් තිදෙනෙක් පසුගිය 27වනදා රාත්‍රියේ එම ස්ථානයේදීම රහසිගතව ඝාතනය කර මස් පිණිස රැගෙන යාමට පිරිසක් කටයුතු කර තිබුණා.

පසුගිය මාස 3ක කාලය තුළ ප්‍රදේශයේ ගවයින් 106ක් අතුරුදන්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි සිදු කළද ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

ඊට විරෝධය පළ කිරීමට හා ජාවාරම්කරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නැයි පොලීසියට බල කරමින් දොඩම්ගොඩ ප්‍රදේශවාසීන් හා කිරි ගොවීන් මෙලෙස විරෝධතාවයේ නිරත වී ඇත.

විරෝධතාව හේතුවෙන් මතුගම – කළුතර ප්‍රධාන මාර්ගය අවහිර වීමෙන් රථවාහන ගමනාගමනයට බාධා මතුවූ බව අද සඳහන් වේ.මිය ගිය හරකුන්ගේ ශරීර කොටස් ප්‍රදර්ශනය කරමින් මෙම විරෝධතාකරුවන් මෙය සිදුකිරීමට ද විශේෂතාවයක් වෙයි.

Leave a Reply

Your email address will not be published.