බලංගොඩම කම්පා කරවමින් 4 ශ්‍රේණියේ පුංචි සෞම්‍යාට මව නිවසේ නොමැති අතරේ සිදුවූ අපරාධය

බලංගොඩ රන්දොලවත්ත ප්‍රදේශයේ නිවසක අභිරහස් ලෙස ගෙලවැලලගෙන මියගොස් සිටි කුඩා දැරියකගේ මළසිරුරක් අද පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ෆාතිමා සෞම්‍යා නම් කුඩා දැරියක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දැරියගේ මව නිවසේ සිට නොමැති බවයි වාර්තා වන්නේ.

එහිදී නැවත නිවසට පැමිණි මව විසින් දියණිය පිළිබඳව සොයා බලා ඇති අතර එහිදීයි නිවස පිටුපස අභිරහස් ලෙස ගෙලවැලලාගෙන මියගොස් සිටි දියණියගේ සිරුර දැක ඇත්තේ.

සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර බලංගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙය ගෙලවැලලාගැනීමක් ද එසේත් නොමැති නම් වෙනත් අපරාධයක් ද යන්න පිලිබඳව නිශ්චිතව තවම අනාවරණ වී නැහැ.

Leave a Reply

Your email address will not be published.