මහා දවාලේ ගම්මුන්ගේ ඇස් ඉදිරිපිට කණුව උඩම කරන්ට් වැදිලා මියගිය ලංවිම සේවකයා

ගාල්ලේ රත්ගම සිරිකඳුරවත්ත ප්‍රදේශය හරහා ගමන් ගන්නා අධි බලැති විදුලි රැහැනක නඩත්තු කටයුත්තක් සඳහා කණුවට නැග්ග වයස අවරුදු 39ක විදුලි සේවකයෙකුට මුළු ගමක් බලාගෙන සිටින අතරතුර විදුලි සැර වැදී කණුව මතම මියගියා.

මෙලස මියගොස් ඇත්තේ හික්කඩුව තිටගමුව ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයෙක්. මෙම සිද්ධියත් සමග සිරිකඳුරවත්ත ප්‍රදේශයේ ජනතාව සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් අතර උණුසුම් තත්වයක්ද හටගෙන තිබෙනවා.

ජනතාව චෝදනා කරන්නේ මෙම අනතුර විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසාම සිදුවුණු බවටයි. මෙම නඩත්තු සේවාව සඳහා පැමිණි කණ්ඩායමේ දැනුම්දීමකින් තොරව විදුලිය ලබාදීම මෙම සිද්ධියට මුලික වූ බවට ගම්මු මාධ්‍ය සමග පැවසුවා.

වීඩියෝව පහතින් බලන්න,

 

Please follow and like us:
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *