එජාපය තවත් උණුසුම්! බුද්ධික සහ සුජීව රනිල්ගේ විශේෂ සාකච්ඡාව මගහරී! මෛත්‍රී හමුවටත් ගිහින්?

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහෙග් ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ පැවති එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවට බුද්ධික පතිරණ සහ සුජීව සේනසිංහ යන මන්ත්‍රීවරුන් පැමිණ නොසිටි බව වාර්තා වෙනවා.

මේ අතර බුද්ධික පතිරණ සහ සුජීව සේනසිංහ මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ බවට ද ප්‍රතිචාරයක් පැතිර ගොස් තිබෙනවා.

රන්ජන් රාමනායක ද පසුගිය දා පැවසූවේ තමා ජනාධිපතිවරයා හමුවට යන විට සුජීව සේනසිංහ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක නිරත වී සිටි අයුරු තමන් දුටුව බවයි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරු කිහිපදෙනෙකු යෝජිත නිදහස් පක්ෂ තනි ආණ්ඩුවට එක් වීමට සූදානමින් සිටින බවට ද දේශපාලන ආරංචි මාර්ග පවසනවා.